රටට මූල්‍යාධාර ගන්න සාකච්ඡාවට බැසිල් ඉන්දියාවට

80

රටට අවශ්‍ය ප‍්‍රාග්ධනය සහ විදේශ විනිමය ලබාගැනීමට ඉන්දියානු රජයේ නායකත්වය සමග සාකච්ඡුා කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා දින කිහිපයක් ඉන්දියාවේ නිල සංචාරයක යෙදීමට නියමිතය.

මෙම සංචාරයේදී මුදල් ඇමැතිවරයා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි, විදේශ ඇමැති ආචාර්ය ජයශංකර් යන මහත්වරුන් ඇතුළු රජයේ නායකයන් නවදිල්ලි නුවරදී හමුවීමට නියමිත බව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මෙම සංචාරයේ අරමුණ ණය ලබාගැනීම නොව වෙනත් ක‍්‍රමවේද හරහා රටට අවශ්‍ය ප‍්‍රාග්ධනය හා විදේශ විනිමය ලබාගැනීමට බවත් විදේශ ඇමැතිවරයා කියයි.

ආයෝජන සහ වෙළෙඳ සම්බන්ධතා පුළුල් කිරීම, සංචාරක කර්මාන්තය යන කරුණු පිළිබඳව මුදල් ඇමැතිවරයා එරටදී ඉහළ පෙළේ සාකච්ඡා පවත්වයි.

එම සංචාරයට අවශ්‍ය පසුබිම දෙරටේ මහ කොමසාරිස්වරුන් විසින් සකස්කරන බවද සංචාරයෙන් ශ‍්‍රී ලංකාවට යහපත් ප‍්‍රතිඵල ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

අනුර බාලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment