රටට සහල් – පෝර ගෙන්වීමවීර වැඩක් නොවේ:  ඇතැමුන් කෘත්‍රිම හිඟයක් මවා ජාවාරම් කරනවා – පරිපාලන සේවා සංගමය

102

රටට හාල් හෝ පොහොර ගෙන්වන පිරිස් වීරයන් ලෙස නොසලකන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මහ ජනතාවගෙන් ඉල්ලයි.

රටට තෙල් පොහොර ගෙන්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රටේ විද්වතුන් නියෝජනය කරන පරිපාලන සේවා සංගමය පෙන්වා දුන්නත් බලධාරීන් ඊට ඇහුම්කන් නොදුන් බව ද එම සංගමයේ සභාපති පදුල රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ගොවියාට නිසි කලට පොහොර ටික දුන්නා නම් රටේ සහල් හිඟයක් ඇති නොවන බවත් අද පොහොරවලට අමතරව හාල්වලටද ඩොලර් ගෙවීමට සිදුවී ඇති බවත් රෝහණ මහතා පෙන්වා දුන්නේය.

රුපියල් 40 – 50 ට ගත් වී තොග විවිධ පාර්ශ්ව අතර තවමත් පවතින බවත්, ඒවා නිසියාකාරව සහල්කර වෙළෙඳපොළට එවනවා නම් මාස කිහිපයකට සහල් පවතින බවත් ඒ මහතා කියා සිටියේය. රට තුළ තවමත් යම් පිරිස් අතර පොහොර ඇති බවත් ඒ බව යූරියා මිටිය රුපියල් 40,000 ට මිල නියමවීමෙන් පෙනී යන බවත් ඔහු කීය.

රට පාලනය කළ බොහෝ පුද්ගලයන් රට තුළ කෘත්‍රිම සහල් හෝ පොහොර හිඟයක් ඇති කර සහල් ගෙන්වා දූෂිත රාජ්‍ය නිලධාරීන් කිහිපි දෙනකුගේ ද සහය ඇතිව ජාවාරම් සිදුකරන බව ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment