රටට සේවය කරන්න හොඳම තැන දේශපාලනයයි – ශෂි හෙට්ටිආරච්චි (එජාප)

741

රටට සේවය කරන්න තියෙන හොඳම තැන දේශපාලනය යැයි සීතාවක ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රනි ශෂි හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවාය.

අපි මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඉදිරියට ආවේ. එනිසා තරුණ තරුණියන් වශයෙන් අපට යුතුකමක් හා වගකීමක් තියෙනවා රට වෙනුවෙන් සේවය කරන්න. අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවට මේ රටේ මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා දැකීමට අපි කැමතියි. අපේ රටේ පවතින සම්පත් දෙස බැලූ විට අප රට පහසුවෙන් ගොඩගන්න පුළුවන්. ඒ සඳහා අවංක දේශපාලනඥයන් රටට අවශ්‍යයි.

විශේෂයෙන් තරුණ දේශපාලනඥයන්ගේ දායකත්වය ඒ සඳහා අත්‍යවශ්‍යයි. තරුණ තරුණියන්ට දේශපාලනයේ ඉදිරි ගමනක් යන්න තියෙන හොඳම තැන එක්සත් ජාතික පක්‍ෂයයි. අද වනවිට තරුණ තරුණියන් අප පක්‍ෂය වටා එක්රැස් වෙනවා. එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගමත් සමඟ සම්බන්ධ වෙලා මේ සඳහා සුවිශේෂී වැඩසටහනක් ගෙනියනවා. දේශපාලනය කියන්නේ එක් රැයකින් වෙනස් විය හැකි දෙයක්. අපගේ විශ්වාසය හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මේ රට යළි ගොඩගන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහා ඔහුට හොඳ බුද්ධියක් තියෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාට ජාත්‍යන්තරව හොඳ පිළිගැනීමක් තියෙනවා. ඔහු මේ රටට අවශ්‍ය අවංක නායකයෙක්. ඔහුට වංචා දූෂණ චෝදනා නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment