රටපුරා අලිමංකඩ 16 ක් මිනිසුන් නිසා අලින්ට අහිමි වෙලා – ඇමැති අමරවීර කියයි

121

2024 වන විට සියල්ලම නිදහස් කරනවා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අලිමංකඩ පහක් ජනතාව විසින් අත්පත් කර ගෙන ඇතැයි හෙළි වී තිබේ.

අලි මිනිස් ගැටුමට එය ප්‍රධාන හේතුව වී තිබෙන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් සමඟ ඇමැතිවරයා කළ සාකච්ඡාවකදී මේ බව හෙළි වී ඇති අතර ජනතාව අලිමංකඩ ග්‍රහණයට ගැනීම නිසා විශාල වශයෙන් ජීවිත හානි මෙන්ම වගා හානි ද සිදුවන බව මෙහිදී වනජීවී නිලධාරීන් ඇමැතිවරයාට පෙන්වා දී ඇත.

මේ වන විට ලංකාවේ ප්‍රධාන අලිමංකඩ 16 ක් තිබෙන අතර එම සියලු අලිමංකඩ මිනිස් ක්‍රියාකාරකම් නිසා අලින්ට අහිමි වී ඇති බවත්, එම නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වී තිබෙන ප්‍රදේශවල ඇති අලිමංකඩවල පදිංචි පුද්ගලයන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා මෙහිදී වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇත.

2024 වන විට එම අලිමංකඩ 16 ම ජනතාවගෙන් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් ඊට විකල්ප වශයෙන් ජනතාවට පදිංචිවීමට වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා මෙහිදී වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment