රටම හොල්ලන ලෝකයේ නටවන මොකක්ද මේ ඩොලරය

729

උතුරු ඇමෙරිකාව බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයේදී නිලවශයෙන් එංගලන්තයේ ඉංග‍්‍රීසි මුදල් ඒකකය ව්‍යවහාර මුදල් ලෙස හසුරුවමින් තිබූ කාල පරිච්ෙඡ්දයක් විය. යටත්විජිත වාසීන් ස්පාක්‍ද්ක්‍ද මුදල් ඒකකයන් ද එකල භාවිතයට ගත්හ. පෙර ස්පාක්‍ද්ක්‍දය විසින් භාවිත කරන ලද කාසි අටේ මුදල් ඒකකය ස්පාක්‍ද්ක්‍ද ඩොලරය ලෙස යටත්විජිත යුගයේදී හඳුන්වා දෙන ලදී. පසුව ස්පාක්‍ද්ක්‍ද මුදල් ඒකකය ‘‘පෙසෝ’’ (Spanish Peso) යනුවෙන් භාවිත කරනු ලැබීය. මෙය ස්පාක්‍ද්ක්‍ද මිල්ලෙඞ් ඩොලරය (milled Dollar) ලෙසද හැඳින්වේ. කලකට පසුව 1776 දී එංගලන්ත යටත් විජිතයෙන් මිදී ඇමෙරිකාව ඔවුන්ගේ නිදහස ප‍්‍රකාශ කළේය. ඉන් පසු ඔවුන් බි‍්‍රතාන්‍ය පවුම පසෙක දා නව මුදල් ඒකකයක් පිහිටුවීමට තීරණය කළේය. ඩොලරයේ (Dollar) උපත සිදු වූයේ ඒ අනුවය.

ඩොලරය යනු වර්තමාන ලෝකයේ භාවිතා වන බලවත් මෙන්ම ප‍්‍රධානතම මුදල් ඒකකයයි. එයට ලෝකයේ රටවල ආර්ථිකය උඩු යටිකුරු කිරීමට විශාල බලයක් ද ඇත. මෙම ඩොලරයේ ඉතිහාසය වසර 240 කට වඩා වැඩිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මුදල් ඒකකය වන මෙහි පළමු ඩොලර් දෙකේ නෝට්ටුව ඇමෙරිකාවටත් වඩා දින 9 ක් පැරැණි එකකි. 1776 ජුනි 25 වැනි දින කොන්ටිනෙන්ටල් කොන්ග‍්‍රසය (continental congress) ‘‘මහාද්වීපික මුදල් නොහොත් මහාද්වීපික ලෙස හැඳින්වෙන කඩදාසි මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භ කරන ලදී. ඇමෙරිකානු විප්ලවය අතරතුර කොන්ග‍්‍රසය මහාද්වීපික මුදලින් ඩොලර් 241,552,780 ක් නිකුත් කළේය. 1785 ජුලි 6 වැනි දින එක්සත් ජනපදයේ කොන්ටිනෙන්ටල් කොන්ග‍්‍රසය නව මුදල් ඒකකයක් වන එක්සත් ජනපද ඩොලරයක් නිකුත් කිරීමට අවසර ලබා දුන්නේය. එවකට ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්ගේ පරිපාලනය 1790 ගණන්වල මුල් භාගයේදී එවකට භාණ්ඩාගාර ලේකම් අලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ නායකත්වය යටතේ මුදල් ගැටලූ වෙත අවධානය යොමු කළේය. කොන්ග‍්‍රසය හැමිල්ටන්ගේ නිර්දේශ මත ක‍්‍රියා කළ අතර 1792 කාසි පනත මඟින් ඩොලරය ඇමෙරිකා එක්සත් ජනපදයේ මුදල් ඒකකය ලෙස ස්ථාපිත කරන ලදී.

19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී රන් කාසිවල ආවේනික වටිනාකම රිදී කාසිවල ඒවායේ නාමික සමානතාවයට සාපේක්‍ෂව ඉහළ ගිය අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සියලූම රන් කාසි වාණිජ්‍යයෙන් ඉවත්වූ අතර පසුව ඒවා පෞද්ගලික ව්‍යාපාර මගින් උණු කරන ලදි. එබැවින් 1834 කාසි පනතේ, ජාතියේ රන් කාසිවල බර අඩුකිරීම මගින් රිදී සහ රන් 15:1 අනුපාතය 16:1 අනුපාතයට වෙනස් කරන ලදි. මෙම රත්ත‍්‍රන් ග‍්‍රෑම් 1.50 කින් අනුබල දුන් නව එක්සත් ජනපද ඩොලරයක් නිර්මාණය විය. කෙසේ වෙතත් පෙර ඩොලරය රන් 1.60 ග‍්‍රෑම් නියෝජනය කර ඇත. අමෙරිකානු ඩොලරයේ පළමු අවප‍්‍රමාණය වු මෙම නැවත ඇගයීමේ ප‍්‍රතිඵලය වූයේ ඩොලරයේ රත්ත‍්‍රන් අගය 6% කින් අඩුවීමයි.

1853 දී එක්සත් ජනපද රිදී කාසිවල බර (ඩොලරය හැර කලාතුරකින් භාවිතා කරන ලද) අඩුකරන ලදී. මෙය ජාතික රන් ප‍්‍රමිතියට ඵලදායී ලෙස, (නිලවශයෙන් නොවුණත්) බලපෑමක් ඇති කළේය. රිදී ඩොලර් කාසිය වාණිජ්‍යයෙන් තවදුරටත් තල්ලූ කිරීමේ බලපෑමක් ඇති කළද ඩොලර් කාසියේ රඳවාගත් බර (Bimetalism) සඳහා (Bimetalism යනු මූල්‍ය ප‍්‍රමිතියක් වන අතර එහිදී මුදල් ඒකකයේ අගය යම් යම් ලෝහ ප‍්‍රමාණ දෙකකට සමාන වේ.) අනුමැතියක් විය. ස්පාක්‍ද්ක්‍ද ඩොලරය ඇතුළු විදේශීය කාසි 1857 වන තෙක් නීත්‍යානුකූල ලෙස බහුලව භාවිත විය. 1863 දී ජාතික බැංකු පනත බලාත්මක කිරීමත් සමග ඇමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර සහ ප‍්‍රාන්තවල බැඳුම්කර සහ ව්‍යවහාර මුදල් සඳහා බදු පැනවූ පසු එහි පසුකාලීන අනුවාදයන් සමග ඩොලරය ඇමෙරිකා එක්සත් ජනපදයේ එකම මුදල් ඒකකය බවට පත්වී එය අද දක්වාම පවතී.

1878 දී රිදී කාසි නිපදවීම සඳහා බ්ලෑන්ඞ් ඇලිසන් පනත (Bland Allison Act) පනවා ඇත. මෙම පනතට අනුව සෑම මසකම වෙළෙඳපොළවල මිල ගණන්වලින් ඩොලර් බිලියන 2 සිට ඩොලර් බිලියන 4 ක් වටිනා රිදී තොග මිලදී ගැනීමට සහ රිදී ඩොලර්වලට කාසි කිරීමට ඇමෙරිකානු ආණ්ඩුවට අවශ්‍ය විය. මෙය දේශපාලනිකව බලවත් දෙයක් වූ අතර එය රිදී නිෂ්පාදකයින් සඳහා සහනාධාරයක්ද විය. 1933 මුල් භාගයේදී ඇමෙරිකානු මන්ත‍්‍රී මණ්ඩලය (කොන්ග‍්‍රසය) හා ජනාධිපති රූස්වෙල්ට් රන් සංචිත පනත යටතේ විදේශීය ගැනුම්කරුවන් සඳහා ඩොලරය වඩාත් ආකර්ෂණීය වන ආකාරයට රත්තරන් අවුන්සයක් ඩොලර් 35 දක්වා වැඩි කළේය. මෙම වෙනසට හේතු වූයේ ලෝකයේ රත්තරන් වෙළෙඳාම සාර්ථක ලෙස එක්සත් ජනපදයට ලබා ගැනීම සඳහා ඩොලර් රන් බවට පරිවර්තනය කිරීමයි.

රටම හොල්ලන ලෝකයේ නටවන මොකක්ද මේ ඩොලරය

19 වැනි සියවසේදී ඩොලරය බි‍්‍රතාන්‍ය පවුමට වඩා අඩුවෙන් ලොවපුරා පිළිගනු ලැබිණි. නෙලී බ්ලයි යනු (Nellie Bly) මාධ්‍යවේදිනියක් කර්මාන්තකරුවෙක් නව නිපැයුම්කරුවෙක් සහ පුණ්‍යායතන සේවිකාවකි. ඇය වාර්තා බිඳ දැමීම සඳහා පුළුල් ලෙස ප‍්‍රසිද්ධියට පත් වූවාය. නෙලී ජූල්ස් වර්න්ගේ ප‍්‍රබන්ධ චරිතය වන ‘ෆිලියාස් ෆොග්’ අනුකරණය කරමින් දින 72 කින් ලොව වටා සංචාරය කිරීමට පටන් ගත්තාය. එහිදී ඇය එංගලන්ත බැංකුවේ සටහන් ද රැගෙන ගියාය. ඇය අමෙරිකාවේ ඩොලර් මුදල් අමෙරිකාවෙන් පිටත භාවිතා කරන්නේ දැයි පරීක්‍ෂා කිරීම සඳහා විවිධ වරායන් වෙත ළඟා වූ පසු මේ ගැන සෙව්වාය. නිව්යෝර්ක් සිට නැගෙනහිර දෙසට ගමන් කළ ඇය ශ‍්‍රී ලංකාවේ කොළඹට පැමිණි අතර එහිදී ආභරණ ලෙස භාවිත කළ ඩොලර් 20 ක රන් කැබලි සොයාගන්නා තෙක් ඇය අනිත් රටවලදී ඇමෙරිකානු ඩොලර් දුටුවේ නැත.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බ්රෙන්ට් වුඞ්ස් විසින් ඩොලරයේ වැදගත්කම ආයතනික කරගත් අතර යුරෝපය හා ආසියාව ඩොලර් හිඟයකට මුහුණ දුන්නේය. යුද්ධයේදී අහිමි වූ දේ යළි ගොඩ ගැනීම සඳහා එක්සත් ජනපදයෙන් ආනයනය කිරීමට මුදල් ජාත්‍යන්තර ප‍්‍රජාවට අවශ්‍ය විය. 1948 දී ඇමෙරිකානු කොන්ග‍්‍රස් මණ්ඩලය විසින් යුරෝපය මුදා ගැනීමේ වැඩසටහන හඳුන්වන මාෂල් සැලැස්ම (Marshall Plan) යටතේ තම ආර්ථිකයන් ගොඩ නැගීම සඳහා අවශ්‍ය ආනයන මිලදී ගැනීමට යුරෝපීය රටවල් සඳහා ඩොලර් ලබාදීම සිදු කළේය. මාෂල් සැලැස්ම ක‍්‍රියාත්මක නොවුණේ නම් යුරෝපීයයන්ගේ ආර්ථිකය තිරසාර කිරීමට නොහැකි වනු ඇත. ඔවුන්ගේ ආර්ථිකය සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම සඳහා තම භාණ්ඩවලින් ප‍්‍රමාණවත් ආනයනය කිරීමට ද ඉඩ සැලසීය. මෙය ඇමෙරිකානු ඩොලරයට තවත් වාසිදායක කරුණක් විය.

1970 ගණන්වල මුල් භාගයේදී ආනයන භාණ්ඩ විශේෂයෙන්ම තෙල් මිල ඉහළ යෑමත්, අනෙකුත් රාජ්‍ය වියදම් කපා හැරීම් මගින් වියට්නාම් යුද්ධයට වියදම් කිරීමත්, උද්ධමනය ඩොලරයට වැඩි වටිනාකමක් ඇති තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා වෙළෙඳ හිඟයක් සමග ඒකාබද්ධ විය. එය නැවත භාවිතා කිරීම සඳහා භාවිතා කළ රත්තරන්වලට වඩා අඩුවිය. 1971 දී ජනාධිපති රිචඞ් නික්සන් එක්සත් ජනපද ඩොලරය රත්තරන් බවට හරවා යැවීම අනවශ්‍ය යැයි නියෝග කළේය. මෙම පනත ‘‘නික්සන් ෂොක්’’ (Nixon Shock) ලෙස හැඳින්වේ.

1990 ගණන්වල මුල්භාගය වනවිට රන් මිල වැඩිවීමත් සමග තෙල් වැනි අනෙකුත් භාණ්ඩවල මිලද වැඩි විය. භාණ්ඩ මිල වඩාත් වාෂ්පශීලී වන අතර 1990 ගණන්වලදී තෙල් හා රත්තරන් අතර සාමාන්‍ය විනිමය අනුපාතය 1970 ගණන්වලදී මෙන් විය. 1987 සැප්තැම්බරයේදී රේගන් පරිපාලනය යටතේ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජේම්ස් බේකර් විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල හරහා රන් භාණ්ඩයක් භාවිතා කිරීම සඳහා යෝජනාවක්ද ඉදිරිපත් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය 1862 සිට නව ඩොලර් නෝට්ටු නිකුත් කරයි. ඒ ඒ කාලවලදී නෝට්ටුවේ මුහුණතේ ඇති මිනිස් රූපය වෙනස් වේ. ඇමෙරිකාවේ ප‍්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන්, ඇමෙරිකානු නිදහස් සටනේ මූලිකයෙකු වූ බෙන්ජමින් ප‍්‍රෑන්ක්ලින් වැනි විශේෂිත පුද්ගලයින්ගේ ආලේඛ්‍ය චිත‍්‍ර මෙහි පළ කෙරේ. දිය සලකුණු ආරක්‍ෂිත නූල, (එය අඳුරු පරිසරයකදී පාරජම්බුල කිරණවලට නිරාවරණය වන විට රෝස පැහැයට හුරු ආරක්‍ෂිත නූලකි.) නෝට්ටුව තුළ රේඛා කැටයම් සංකීර්ණ ජ්‍යාමිතික හැඩයන්, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මුද්‍රා අත්සන් ආදිය ඇතුළත්ය.

1929 දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් නෝට්ටු විශාල වශයෙන් වෙනස් විය. නිෂ්පාදන පිරිවැය පහත හෙළීමේ උත්සාහයකදී සියලූ ෆෙඩරල් සංචිත නෝට්ටු අඟල් 7.34×3.125 ට නොඅඩු, අඟල් 6.14×2.61 ක් වන කුඩා ප‍්‍රමාණවලින් සියයට 30 ක් පමණ සෑදේ. මීට අමතරව සෑම වර්ගයකටම නිශ්චිත මෝස්තර නිර්මාණය කර ඇති අතර සංසරණයෙහි මෝස්තර සංඛ්‍යාව අඩුවන අතර අව්‍යාජ හා ව්‍යාජ නෝට්ටු අතර වෙනස හඳුනා ගැනීමට මහජනතාවට පහසු කරනු ඇත. 1920 ගණන්වල සිට ප‍්‍රථම සැලකිය යුතු සැලසුම් වෙනස්කම්වලදී නව මුදල් නෝට්ටු යළි ප‍්‍රතිනිර්මාණය කරන ලදී. නව මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භවන්නේ 1996 දී ඩොලර් 100 නෝට්ටු වෙනි. 1997 දී ඩොලර් 50 ත්, 1998 දී ඩොලර් 20 සහ 10, 5 නෝට්ටු ප‍්‍රතිනිර්මාණය විය. නව සැලසුම් අනුව 2003 දී ඩොලර් 20 නෝට්ටුව කොළ පාට හා සියුම් පසුබිම් වර්ණවලින් සමන්විත වේ. මෙම නෝට්ටු ඹඪ ආලෝකය මගින් ආලෝකයෙන් දීප්තිමත් වන ආරක්‍ෂිත නව නූලකින් යුක්ත විය. ආලෝකයට සැලකිලිමත් වන විට නෝට්ටුවේ ඇති ජනාධිපති ජැක්සන්ගේ රුවට ප‍්‍රතිමූර්ති කළ ජල සලකුණ සටහන් වී ඇත්තේ දෙපසිනි. මීට අමතව නෝට්ටුවේ පහළ දකුණු කෙළවරෙහි වර්ණ මාරු කිරීමක් ද ඇතුළත් විය. 2004 දී ඩොලර් 50 ත්, 2006 දී ඩොලර් 10 ත්, 2008 දී ඩොලර් 5 ත් මෙසේ අලූත් විය. 2013 දී ඩොලර් 100 නෝට්ටුවේ ප‍්‍රතිනිර්මාණය අනුව 3-D ආරක්‍ෂක රිබනය සහ වර්ණ මාරු කරන බෙල් ඇතුළත් අතිරේක ආරක්‍ෂිත අංග ඇතුළත් විය. එහි බෙන්ජිමින් ප‍්‍රෑන්ක්ලින්ගේ ආලේඛ්‍ය චිත‍්‍ර රූපය ඇතුළත් කර ඇත.

රුවන් තරස්වින්

advertistmentadvertistment
advertistmentadvertistment