රටවල්හි ණය බර නිදහස් කිරීමේ කටයුතු ජී20 මගින් දිගටම සිදුකරන බව ඉන්දීය අගමැති කියයි

142

ජී 20 සමුලුව මගින් රටවල් මත ඇති ණය බරින් නිදහස් කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිඵල ලබා දුන් බවත් එය දිගටම ක්‍රියාත්මක කරන බවත් මෙවර එහි සභාපතිත්වය හිමි කරගෙන සිටින ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඉන් සමස්තයක් වශයෙන් මනුෂ්‍ය වර්ගයාට ප්‍රතිලාභ සැලසීම සඳහා මූලික මානසිකත්වයේ වෙනසක් අපට උත්ප්‍රේරණය කළ හැකියැයි විශ්වාස කරන බවද සඳහන් කරයි.අපගේ මානසිකත්වය අපගේ තත්වයන් අනුව හැඩගැසී ඇත. ඉතිහාසය පුරා මානව වර්ගයා ජීවත් වූයේ අග හිඟකමෙනි. අපි සීමිත සම්පත් සඳහා සටන් කළෙමු. අදහස් මතවාද සහ අනන්‍යතා අතර ගැටුම සහ තරඟය – සම්මතය බවට පත් විය. ඉන්දියාවේ ප්‍රචලිත එක් සම්ප්‍රදායක් වන්නේ සියලුම ජීවීන් සහ අජීවී දේ පවා එකම මූලික අංග පහෙන් යුතු බවය.එනම් – පෘථිවිය, ජලය, ගින්න, වාතය සහ අභ්‍යවකාශය යන පංච තත්‍වයෙන් සමන්විත බව දකියි. මෙම මූලද්‍රව්‍ය අතර සමගිය – අප තුළ සහ අප අතර – අපගේ භෞතිකල සමාජීය සහ පාරිසරික යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ.ඉන්දියාවේ ජී20 සභාපතිත්වය මෙම විශ්වීය ඒකීය හැඟීම ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරනු ඇත. එබැවින් අපගේ තේමාව ,එක් පෘථිවියක් එක් පවුලක් එක් අනාගතයක් යන්නය.මෙය හුදු සටන් පාඨයක් නොවේ. එය අප සාමූහිකව අගය කිරීමට අපොහොසත් වූ මානව තත්වයන්හි මෑත කාලීන වෙනස්කම් සැලකිල්ලට ගතයුතුව ඇතැයිද ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment