රටවල් කීපයක් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කරයි

167

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමට මහා බ්‍රි‍තාන්‍යය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ නෝර්වේ රාජ්‍ය කටයුතු කර ඇත.

ඉන්ධන, ගෑස් ගැටලුව යම්තාක් දුරට විසඳීමත් දේශපාලනමය වශයෙන් රටේ යම් ස්ථාවරත්වයක් ගොඩනැගීමත් කලබලකාරී තත්ත්වය පාලනය වීමත් මෙම සංචාරක සීමා ඉවත් කිරීමට හේතුවී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ද ට්විටර් පණිවිඩයක් මගින් සනාථ කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment