රටවල් රැසක කාදිනල්වරුන්ගෙන් මැල්කම් රංජිත් කාදිනල්තුමාට ඇගැයුම්

219

වතිකානුවේ පැවැත්වෙන නව කාදිනල්වරුන් පත් කිරීමේ උත්සවයට සහභාගි වෙන ලෙස පාප්වහන්සේ විසින් ඇරයුම් කරනු ලැබූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ලෝකයේ රටවල් ගණනාවකම විශේෂ ඇගැයීමකට ලක්වී ඇත.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ශ්‍රී ලංකාවේ සිදුකරන සුවිශේෂී සේවා සම්බන්ධයෙන් රටවල් ගණනාවකම කාදිනල්වරුන් මෙසේ ඇගැයීම් කර ඇති බව දැනගැනීමට ලැබුණු බව ජාඇල මීගමුව කලාපය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින’ට පැවසීය.

ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව කාදිනල්වරුන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට පවසා ඇති බවද දැනගැනීමට ලැබුණු බව ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා කීවේය.

මේ අතර නව කාදිනල්වරුන් පත්කිරීමේ උත්සවයට විවිධ රටවල කාදිනල්වරු 125ක පමණ පිරිසක් සහභාගි වී සිටිති.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී කතාබහ කිරීමට ද සූදානම් වී සිටින බවද දැනගැනීමට ලැබී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment