රටවල් 10කින් හොකී කණ්ඩායම් 24ක් ඔලිම්පික් යයි

212

2021 ජපාන – ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන හොකී කණ්ඩායම් 24 අතරේ තම පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉදිරිපත් කරන්නට රටවල් 10ක් සමත්ව සිටී.

මෙවර ඔලිම්පික් හොකී තරගාවලිය ස`දහා සත්කාර ජපානය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ඉන්දියාව, ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤය, නවසීලන්තය, බි‍්‍රතාන්‍ය, දකුණු අප‍්‍රිකාව සහ ජර්මනිය යන රටවල පිරිමි සහ කාන්තා කණ්ඩායම් සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ.

මීට අමතරව පිරිමි තරගාවලිය සඳහා බෙල්ජියම සහ කැනඩාව සුදුසුකම් ලබා ඇති අතර අයර්ලන්තය සහ චීනය කාන්තා තරගාවලිය සඳහා වරම් ලබා සිටී. සුපුරුදු පරිදි මෙවර පිරිමි තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහ කාන්තා තරගාවලි සඳහා කණ්ඩායම් 12ක් සහභාගි කරවා ගන්නා අතර එහි ආරම්භය ජූලි මස 24 වන දින සිදු කෙරේ.

මෙහි මූලික වටයේ තරග කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට තරග පැවැත්වේ.

අගෝස්තු මස 05 වැනි දින පිරිමි අවසන් තරගය ද අගෝස්තු මස 06 වැනි දින කාන්තා අවසන් තරගයද පැවැත්වේ.

පිරිමි තරග සැලසුම

‘එ්’ කාණ්ඩය

ජපානය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ඉන්දියාව, ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය.

‘බී’ කාණ්ඩය

නෙදර්ලන්තය, බෙල්ජියම, බි‍්‍රතාන්‍ය, දකුණු අප‍්‍රිකාව, කැනඩාව සහ ජර්මනිය.

කාන්තා තරග සැලසුම

‘එ්’ කාණ්ඩය

නෙදර්ලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප‍්‍රිකාව, බි‍්‍රතාන්‍ය සහ ජර්මනිය

‘බී’ කාණ්ඩය.

ජපානය, චීනය, ඔස්ටේ‍්‍රලියාව, ස්පාඤ්ඤය, නවසීලන්තය සහ ආර්ජන්ටිනාව.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment