රටවල් 20කින් සංචාරකයෝ 644186 ක් එති

214

මෙම වසරේ මේ දක්වා රටවල් 20 කින් සංචාරකයන් හයලක්‍ෂ හතළිස්හතරදහස් එකසිය අසූහය දෙනකු පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඉන් වැඩිම සංඛ්‍යාව එනම් එක්ලක්‍ෂ අටදහස් පන්සිය දහදෙනකු ඉන්දියාවෙන් පැමිණ ඇත. බි්‍රතාන්‍ය ජාතිකයන් හැත්තෑඅටදහස් අටසිය විසිහත්දෙනකු ද, රුසියානු ජාතිකයන් හැත්තෑහතරදහස් හත්සිය දහතුන්දෙනකු ද පැමිණ ඇත. ඉතිරි පිරිස අනෙක් රටල් 17 න් පැමිණ ඇත.

මේ මස මුල් දින 07 තුළ පමණක් සංචාරකයන් දාසයදහස් එකසිය හැටඅට දෙනකු පැමිණ ඇතැයි වාර්තා වී ඇති බව ද එම අමාත්‍යාංශය පවසසි

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment