රටවල් 20 ක කුඩා ළමුන් අතර හෙපටයිටිස් දරුණු ලෙස පැතිරේ

214

අක්මාවට හානි කරන දරුණු තත්ත්වයේ හෙපටයිටිස් රෝගයට ගොදුරු වන ළමුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩි වීමක් ලොව පුරා රටවල් 20කින් හඳුනා ගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

එංගලන්තය ඇතුළු යුරෝපා රටවල්, ඇමෙරිකානු රටවල්, බටහිර පැසිෆික් කලාපීය රටවල් හා අග්නිදිග ආසියාතික කලාපීය රටවල් 20කින් දරුණු ඝනයේ හෙපටයිටිස් රෝගයට ගොදුරු වූ ළමුන් 300ක් පමණ දෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර එක් මරණයක් වාර්තා වී තිබේ. ලොව පුරා සෞඛ්‍ය බලධාරීන් විසින් අසාමාන්‍ය ලෙස මෙම දරුණු ඝනයේ හෙපටයිටිස් රෝගයට ළමුන් ගොදුරු වීම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව සංවිධානය කියයි. දැනට වාර්තා වී ඇති හෙපටයිටිස් රෝගයට ගොදුරු වූ ළමුන්ගෙන් වැඩි දෙනකු යුරෝපා රටවලින් වාර්තා වී ඇති අතර එම ළමුන්ගේ අක්මාව ඉදිමීමේ තත්ත්වයක් දක්නට ඇති බව වාර්තා වේ. ‘ඇඩිනෝ’ වෛරස් නමැති පොදු වෛරසය මගින් පැතිර යන හෙපටයිටිස් රෝගය ළමුන් අතර පැතිරීමේ වැඩි වීමක් දක්නට ලැබෙනුයේ කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. එංගලන්තයෙන් පමණක් මෙම රෝග තත්ත්ත්වයට ගොදුරු වූ ළමුන් 140කට අධික සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති අතර ඉන් බොහෝ දෙනකු තුළ සුළු වශයෙන් අක්මාව ඉදිමීමේ තත්ත්වයක් දක්නට ලැබුණද ළමුන් 10 දෙනකුට පමණ අක්මා බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment