රටින් ගෙන්වන ටින්මාළු බදු වැඩි කළ යුතුයි – කමල් අද්දරආරච්චි

278

පිටරටින් ගෙන්වනු ලබන ටින්මාළු නිසා දේශීය ටින්මාළු කර්මාන්තය අද පාඩු ලබමින් පවත්වාගෙන යන බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජික ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා “දිවයින”ට පැවසීය.

මෙම තත්ත්වය මැද දේශීය ටින්මාළුවලට වඩා සමහරු විදේශීය ටින්මාළු මිලදී ගැනීමට පුරුදුවී සිටින බව ද හෙතෙම පැවසීය. පිරටින් ගෙන්වනු ලබන ටින්මාළු සඳහා තීරුබද්ද වැඩි කළ යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

විදේශීය විනිමය දැඩි ප්‍රශ්නයක් වෙමින් තිබියදී පිටරට සිට ටින්මාළු ගෙන්වා ගැනීමට වඩා එම මුදල්වලින් පොතපත කඩදාසි හෝ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වනු ලැබුහොත් ඒ තුළින් රටට සමාජයට විශාල සේවාවක් සිදුවෙන බවද කමල් අද්දරආරච්චි මහතා කීවේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment