රටින් බෙහෙත් ගේන විට මහා ජාවාරමක්

57

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සමාගම් සමග එක්ව අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමේදී නිසි ක්‍රමවේද ප්‍රතිපත්ති සහ ටෙන්ඩර් පටිපාටිද උල්ලංඝණය කරමින් විශාල මුදල් ජාවාරමක නිරතව සිටින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයෝ සඳහන් කළහ.

රට තුළ මේ වනවිට පවතින ඖෂධ හිඟයට හේතුවී ඇත්තේ ඖෂධ මිලදී ගැනීමේදී සමාගම් හරහා සිදු කරනු ලබන මෙම විශාල දූෂණ වංචාවන් එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන ඖෂධ මිලදී ගැනීම්වලදී අවිධිමත් ක්‍රමවේද හරහා විශාල මුදලක් අතරමැදි සමාගම්වලට සහ තැරැව්කරුවන් අතට පත්වීමේ ක්‍රියාදාමයන් මේ වන විටත් සිදුවෙමින් පවතින බවද වෛද්‍යවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම් හරහා සිදුවන වංචා දූෂණ නිසා රටේ ජනතාවගේ මුදල් විශාල ලෙස විනාශ වෙනවා සේම එම ඖෂධ මිලදී ගැනීම සඳහාත් ජනතාවට සියයට හයට හත්සියයක මුදලක් වැය කිරීමටත් සිදුව තිබෙනවා. කාබෝපැලියන් නම්වූ ඖෂධයේ අලෙවි මුදල ඉන්දියාවේදී එරට මුදලින් රුපියල් 639 යි. එය ලංකාවට ගෙන්වා මෙරට රුපියල් 2700 වැනි අඩු මුදලකට ලබාදිය හැකි වුවත් මෙරට රුපියල් 5500 කට තමයි අලෙවි කරන්නේ. ඒ වගේම කොන්දෙන් පහළ ශල්‍යකර්ම සඳහා 40% ක් පමණ භාවිත කරන හෙවි බිපුටකේන් ඖෂධය ඉන්දියාවේදී එරට රුපියල් 25 ත් 30 ත් අතර මුදලකට තමයි අලෙවි කරන්නේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ඖෂධය ශ්‍රී ලංකා රුපියල් 480 ක් වැය කර ගෙන්වනවා. ඒ වගේම ශල්‍යකර්ම නිර්වින්දන වේදනා නාශක ලෙස භාවිතා කරන ලයිට් බිපුටකේන් ඖෂධය ඉන්දියාවේ මිල ඉන්දීය රුපියල් 98 ක් පමණයි. නමුත් අපේ රටේ අලෙවි වෙන්නේ මෙරට රුපියල් 2500 ට. මේ තත්ත්වය තුළ අසරණ වී සිටින්නේ රටේ ජනතාව.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment