රටින් රට පනින අපරාධකරුවන්ට වැට බැඳෙයි: 20 දෙනා ගැන තොරතුරු ප්‍රසිද්ධ කෙරේ

279

එක්සත් එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ ප්‍රාන්තවල ගැවසෙන ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසිදෙනාට සැඟවීමට හෝ නවාතැන් දීමට ඉදිරිපත්වන පුද්ගලයන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර පොලිසිය එම රටවලට විශේෂ දැනුම්දීමක් කර ඇතැයි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලිස් ශාඛාව කියයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) අජිත් රෝහණ මහතා කීවේ මෙම තත්ත්වය අනුව එම රටවල ගැවසෙන ශ්‍රී ලාංකික අපරාධකරුවන්ට රටින් රට පලායෑමේ හැකියාවක් පවා නැති බවය.

මෙම අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය දැඩි ප්‍රයත්නයක් දරන බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති අන්තර් ජාතික පොලිස් සමුළුවේදී ශ්‍රී ලංකා අපරාධකරුවන් පිළිබඳව ද කතා බහට ලක් වී තිබිණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment