රටෙන් අඩක් එන්නත් දෙකම අරන්

71

කොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව එක්කෝටි දෙලක්ෂ එකොළොස් දහස් පන්සිය තිස්හත් දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.

එම එන්නත්හි පළමු මාත‍්‍රාව ලබාගත් පිරිස එක්කෝටි තිස් දෙලක්ෂ හැටහතර දහස් අටසිය හයකි.

ඒ අනුව මෙරට පුද්ගලයන්ගෙන් අඩකඩ ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට කොවිඞ් මර්දන කුමන හෝ එන්නතක මාත‍්‍රා දෙකම ලබාගෙන තිබීම විශේෂත්වයකි.

මෙම එන්නත් අතුරින් මෙරට පුද්ගලයින් වැඩියෙන්ම ලබාගෙන ඇත්තේ චීනයේ නිෂ්පාදිත ‘සයිනොෆාම්’ එන්නත වීමද විශේෂත්වයකි. එම එන්නතෙන් පළමු මාත‍්‍රාව පුද්ගලයින් එක්කෝටි හාර ලක්ෂ අනූ හය දහස් දෙසිය පනස් තුන් දෙනකු ලබාගෙන ඇත.

මෙරට සමස්ත ජනගහනය මේ වනවිට දෙකෝටි විසි ලක්ෂය ඉක්මවා ඇත. ඒ අනුව ඉන් හරි අඩක් පමණ ඇස්ට‍්‍රසෙනිකා, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා නම් කොවිඞ් මර්දන එන්නත්හි මාත‍්‍රා දෙකම ලබාගෙන තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment