රටේ අර්බුද අස්සේ ජිනීවා ගැටේත් වැඩ

181

ශී‍්‍ර ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපා සිටියදී මෙවර 49 වැනි මානව හිමිකම් සමුළුවේ ප‍්‍රධාන ඉලක්කය යුද අපරාධ චෝදනා ගැන ශී‍්‍ර ලංකාව වගකිවයුතු බවට ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ අනාවරණය කිරීම බව ජිනීවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සමුළුව පෙබරවාරි 28 දා ආරම්භ වන අතර 29 දා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ තම වාර්තාව ප‍්‍රකාශයට පත්කරනු ඇත.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය ඒකපාර්ශ්විකව ශී‍්‍ර ලංකාවට එරෙහිව කටයුතු කිරීම නිසා මෙවර ශී‍්‍ර ලංකාව දැඩි අසීරුතාවකට පත්වන බව එම ආරංචි මාර්ග පවසයි.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව ශී‍්‍ර ලංකාවට ජී එස් පී බදු සහන තවදුරටත් දියයුතු ද එසේත් නැත්නම් නොදිය යුතුද යන තීරණයට ද බලපානු ඇත.

මිචෙලි බැෂලේගේ ශී‍්‍ර ලංකා විරෝධී වාර්තාව ප‍්‍රකාශයට පත් කරන තුරු බි‍්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් රැසක් බලාසිටින බවද අනාවරණය වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment