රටේ ආර්ථිකය ගැන සිතා හෙද ඉල්ලීම් ඉටුකරන ලෙස ජනපතිගෙන් උපදෙස්

159


වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය තමා ඉහළින්ම අගයන බවත් රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.
දැඩි අසීරුතාව මැද වුව ද ජනවාරි මාසයේ සිට සියලූ‍ම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට පියවර ගැනිණ. එක් පිරිසකට ඉල්ලීම් ලබාදීමේ දී තවත් පිරිසක් නැවත ඉල්ලීම් කරති. එහෙත් පවතින මූල්‍ය අර්බුදය මැද සියලූ‍ ඉල්ලීම් සලකා බැලීම කළ නොහැකි බව සියලූ‍දෙනා අවබෝධ කරගත යුතු කරුණකි. එම නිසා සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමග සාකච්ඡුා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ජනාධිපතිවරයානිලධාරීන්ට උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment