රටේ මිනිස්සු දවසකට කෝටි 40 ක දුම් බොති

70

මෙරට ජනතාව දිනකට රුපියල් කෝටි 40ක පමණ දුම්වැටි උරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සමරසේකර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

වසරකට රටේ දුම්වැටි කෝටි 230ක් අලෙවි වන බවත් දුම්බීම නිසා මනුෂ්‍ය ජීවිත 20,000ක් පමණ වසරකට අහිමි වන බවත් පැවසූ ඒ මහතා දුම්වැටි අලෙවියෙන් දුම්කොළ සමාගම රුපියල් කෝටි 15,000ක පමණ ලාභයක් වාර්ෂිකව ලබන බවත් කීවේය.

දුම්පානය සඳහා ගොදුරු වී සිටින පිරිස අතර සියයට 30ක් පමණ අවුරුදු 15ත් 50ත් අතර කාණ්ඩයේ අය බව සඳහන් කළ ඒ මහතා මේ වනවිට දුම්වැටි භාවිතය රටේ අඩු වී ඇතත් දුම්කොළ සමාගම ද සිය නිෂ්පාදනය අඩු කළත් දුම්වැටි මිල ඉහළ යෑම නිසා මෙලෙස අධික ලාභ ලබමින් සිටින බවත් පුබුදු සමරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment