රටේම ගෑස් සිලින්ඩර් සංයුතිය චෙක් කරන්න යන්නේ පැයයි – තුෂාන් ගුණවර්ධන

298

මේ පවතින ගෑස් සිලින්ඩර්වල සංයුතිය පැයකින් පරීක්‍ෂා කර වාර්තාවක් ලබාදිය හැකි පරීක්‍ෂණාගාර මෙරට තුළ පවතින නිසා සති ගණන් ප‍්‍රමාද කිරීමට අවශ්‍ය නැතැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය.

මෙරටේ ගෑස්වල ප‍්‍රමිතිය බියුටේන් සියයට 80 ක් සහ ප්‍රොජෙන් සියයට 20 ක් ලෙස අඩංගු බවට ගෑස් සමාගමක් විසින් තමා සේවය කරන වකවානුවේ ලබාදුන් ලිපියක පිටපතක් තමන් සතුවද පවතින බවත් ඔහු කීය.

මෙම ලිපිය ලබාදුන්නත් මහජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන වෙළෙඳ පොළෙන් ගෑස් සිලින්ඩර් අහඹු ලෙස තෝරාගෙන සිදු කළ පරීක්‍ෂාවේදී එවැනි සංයුතියක් නොමැති බවට වාර්තාවක් ලැබී ඇතැයිද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනාද දැනුවත් කළ බවද ඔහු කීය. ප‍්‍රමාද වී හෝ ගෑස්වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ලසන්ත අලගියවන්න ඇමැතිවරයා කටයුතු කරන බව ප‍්‍රකාශ කර තිබෙන බවත් එවැනි පරීක්‍ෂණයක් සිදු කරනවා නම් පැය භාගයකින්, පැයකින් වාර්තාවක් ලබාගත හැකි පරීක්‍ෂණාගාර මෙරට තුළ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment