රටේම යළිත් ඩීසල් හිඟයක්

276

රට පුරා ඩීසල් හිඟයක් යළින් හටගෙන තිබේ.

මේ හේතුවෙන් ඊයේ (03 දා) කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකම ඉන්ධනහල් අසල ඩීසල් ලබා ගැනීම සඳහා පෞද්ගලික බස්රථ, ලොරි රථ ඇතුළු වාහන නවතාගෙන සිටින ආකාරය දැකගත හැකි විය. 04 – පිටුවට

බොහෝ වාහන පෝලිම් කිලෝමීටර් පහහය ආදී දුරකට විහිදී තිබූ ආකාරය දක්නට ලැබිණි.

සමහර ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් ලබා ගැනීමට පැමිණි පිරිස් හා ඉන්ධනහල් හිමිකරුවන් අතර බහින්බස් වීම් හා පහරදීම් වාර්තා විය.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ පෙට්‍රල් පෝලිම් දක්නට නොලැබිණි.

තෙල් ලබාගැනීමට පැමිණි පිරිස් ඉක්මනින්ම තම යතුරුපැදියට, ත්‍රිරෝද රථයට, මෝටර් රථයට පෙට්‍රල් ලබා ගෙන යනු දැක ගත හැකි විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment