රටේ අත්තිවාරම දිරලා – ජනවරමක් සහිත ආණ්ඩුවක් හදන්න ඕනෑ

176

බැංකු හා මූල්‍ය සමුළුවේදී ජාජබ නායක අනුර කුමාර දිසානායක කියයි

ජනවරමක් සහිත ආණ්ඩුවක් හදන්න ඕනෑ. අද අපේ රටේ අත්තිවාරම දිරලා. පදනමක් නැහැ. මෙවැනි අත්තිවාරම දිරපු රටක නෙළුම් කුලු‍නු හැදුවාට, හයිවේ හැදුවාට, ෆෝට් සිටි හැදුවාට පලක් වෙන්නේ නැහැ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු මේ කරුණු අනාවරණය කළේ බැංකු හා මූල්‍ය සමුළුව අමතමිනි. එම සමුළුව කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

අපි දන්නවා අපේ රටේ ආර්ථිකය විශාල අනතුරකට මුහුණපා තිබෙනවා. ඒකේ විවිධ ක්ෂේත්‍රවල කඩා වැටීම දැන් සිදුවෙලා හමාරයි. සමහර ඒවා කඩාවැටෙමින් තිබෙනවා. උදාහරණයක් හැටියට සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත විශාල අවධානමකට ලක්වෙලා. බැංකු පොලී අනුපාතිකය ඉහළ යාම, බදු ප්‍රතිශතයන් හා විදුලි බිල ඉහළ යාම හා නිෂ්පාදකයන්ගේ වෙළඳපොළ ඇහිරීම යන සාධක මත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතිය කඩා වැටීමට ලක්වෙලා. සංචාරක කර්මාන්තය අඩාලවෙලා, පසුගිය කාලයේ

ගන්නා ලද තීන්දු තීරණ හේතු කොටගෙන කෘෂිකර්මාන්තය පද්ධතියත් සැලකිය යුතු ලෙස බිඳවැටීමට ලක්වුණා. සේවකයෝ 30, 40 වැඩකරපු සාමාන්‍ය කර්මාන්ත පද්ධති සියල්ල කඩා වැටීමකට ලක්වෙලා. විවිධාකාරයේ කර්මාන්ත, නිෂ්පාදන කඩාවැටීමට ලක්වෙලා. අතිශය අවදානම මූල්‍ය පද්ධතියක් මූල්‍ය පද්ධතියක් අපේ රටේ තියෙනවා. කෘෂිකර්මාන්තය පද්ධතියත් සැලකිය යුතු ලෙස බිඳවැටීමට ලක්වුණා. මේ විවිධාකාරයේ කර්මාන්ත, නිෂ්පාදන, සේවා පද්ධති කඩා වැටිලා අතිශය අවදානම් මූල්‍ය පද්ධති කඩාවැටුණොත් ඉදිරිය ගැන කතාකිරීමෙන් පලක් නැහැ. සියලු‍ ආනයන සහ අපනයන නතර වෙලා සියලු‍ ගනුදෙනු කඩා වැටිලා. බැංකු පද්ධතිය කෙරෙහි සියලු‍ පුරවැසියන්ගේ විශ්වාසය බිඳ වැටිලා. අපේ ආර්ථිකය මුළුමනින්ම බිමට සමතලා වෙන අනතුරකට වැටිලා.

අද බැංකුව කරන විශාලම කාර්යය වන්නේ ආණ්ඩුවට ණය ලබාදීම. මා දන්නා පරිදි ලංකා බැංකුව විතරක් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාාර බැඳුම්කරවලට වටින ආයෝජන රුපියල් බිලියන 1800ක්. තමන්ගේ මුළු තැන්පතුවලින් 50%කට වඩා 60% වඩා ප්‍රමාණයක් ආයෝජනය කර තිබෙනවා. මහජන බැංකුව ගත්තත් මිලියන 1400කට ආසන්න ප්‍රමාණයක් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා තැන්පත් කර තිබෙනවා. ඒ කියන්නේ ජනතාවගේ මුදල් බැංකු පද්ධතියට අරගෙන බැංකු පද්ධතියේ සල්ලි පඩිනඩි

ගෙවන්න, ලයිට් බිල් ගෙවන්න, වතුර බිල්

ගෙවන්න. ඒ කියන්නේ බැංකු පද්ධතියේ කාර්යභාරය සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් වෙලා. තෙල් සංස්ථාව ලංකා බැංකුවට ණයයි ඩොලර් මිලියන 650ක්. මහජන බැංකුවට ගෙවිය යුතුව තිබෙනවා මිලියන 400ක්. මහජන බැංකුවට හා ලංකා බැංකුවට ගෙවිය යුතුව තිබෙන මුළු ණය මුදල ටි්‍රලියනය ඉක්මවනවා. බැංකු පද්ධතිය අද කරමින් තිබෙන්නේ රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා ජනතාවගෙන් එකතු කර ගන්නා මුදල් වැය කරමින් සිටීමයි. මිහින් ලංකා වහලත් අවුරුදු හතහමාරක් විතර ගතවෙලා තිබෙනවා. මිහින් ලංකා එක ලංකා බැංකුවට රුපියල් බිලියන 4.5ක් ණය තිබෙනවා. එයාර් ලංකා එකේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3.5යි.

අපේ බදු ප්‍රතිපත්තියේ විකෘතිභාවයක් තිබෙනවා. බදු සරල විය යුතුයි. පැහැදිලි විය යුතුයි. ලෝකේ මූලධර්මයක් හැටියට පිළිගන්නවා බද්දකට තවත් බද්දක් නැතිනම් එකම ආකාරයේ බදු දෙකක් ගැසීම වැරදියි. සියලු‍ භාණ්ඩ හා සේවාවන්වලට වැට් බද්ද ගහනවා. ඒ වගේම සමාජ ආරක්ෂණ බද්ද යනුවෙන් 2.5ක සුළු භාණ්ඩ හා සේවාවන්ට. ඒ බද්ද පිරිවැටුමට ගහන බද්දක්. භාණ්ඩ ආනයනය, ප්‍රවාහනය, වෙළඳාම, ගබඩාකිරීම මේ සෑම ක්ෂේත්‍රයකටම මේ බද්ද අහුවෙනවා. එකම කාර්යයකට මේ බද්ද ගහන්නේ. මේ විවිධ බදු පැටවීම මගින් සෑම ක්ෂේත්‍රයකම මිල ඉහළ යාම නිසා කර්මාන්ත පද්ධතියම අනතුරට පත්වෙනවා. මේ කර්මාන්ත පද්ධතියේ පැවැත්ම සකස් කර තිබෙන්නේ මුල්‍ය සමාගමේ දායකත්වය අරගෙන. කර්මාන්ත පද්ධතිය කඩා වැටීම තුළ නැවත බැංකු පද්ධතිය අවදානමට ලක්වෙනවා. ආර්ථික අර්බුදයේ අවසන් කඩඉමට ඇවිදින් තිබෙනවා. ඒ කඩඉම තමයි මූල්‍ය පද්ධතියේ අස්ථාවරභාවය.

ආණ්ඩුව මේකට යෝජනා කරන්නේ කුමක්ද? ආණ්ඩුව සතුව තිබෙන ආයතන විකුණා දැමීම. ලංකා බැංකුව සහ මහජන බැංකුව විකුණා දැමීමට. ලංකා බැංකුවේ ශාඛා 700ක් පමණ තිබෙනවා. ලංකා බැංකු 200ක් පමණ පාඩුයි. මේ බැංකු යම්කිසි සේවාවක් ලබාදෙනවා. ලංකා බැංකු සහ මහජන බැංකු ආණ්ඩුව සතුව තිබිය යුතුයි. ඊළඟට ඔවුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමට. රක්ෂණ සංස්ථාවේ ගිය වසරේ ලාභය බිලියන 10යි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධව ලංකා හොස්පිට්ල් හා ලිට්ට්‍රෝ ගෑස් සමාගම තිබෙනවා. මේ ආයතනයත් විකිණීම සඳහා බලාපොරොත්තු වෙනවා. අයවැය ලේඛනයේ කියනවා, විකිණීමෙන් විදෙස් සංචිතවල ඇති අඩුව පුරවා විදෙස් සංචිත වැඩිකර ගැනීම බලාපොරොත්තු වෙන බව. නමුත් අපි විශ්වාස කරනවා මූල්‍ය ක්ෂේත්‍රයේ යම් පංගුවක් රජය සතු විය යුතු බවට. මූල්‍ය ක්ෂේත්‍රය අපේ ආර්ථිකයේ මුළු පැවැත්ම තීරණය කරනවා. ඒ නිසා මේ පුද්ගලීකරණය අපි හැමදෙනාම එකතු වෙලා පරාජය කළ යුතුමයි.

මේ නිසා නව ජනවරමක් සහිත ආණ්ඩුවක් හදන්න ඕනෑ. අද අපේ රටේ අත්තිවාරම දිරලා. පදනමක් නැහැ. මෙවැනි අත්තිවාරම දිරපු රටක නෙළුම් කුලු‍නු හැදුවාට, හයිවේ හැදුවාට, ෆෝට් සිටි හැදුවාට පලක් වෙන්නේ නැහැ. ඒ නිසා ශක්තිමත් අත්තිවාරමක් වුවමනා කරනවා. අපි බාරගත්ත දේශපාලන කාර්යය ඒ අත්තිවාරමයි. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තමත් කරන, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දෙක වංචා, දූෂණයෙන් තොර නව ආණ්ඩු ක්‍රමයක්, තුන කාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයක්, හතරවෙනුව නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම, පහ ලෝකයේ පිළිගන්න රටක් බවට පත්කිරීම.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment