මෙරට අනාගත පරපුරේ දක්ෂතා සහ හැකියාවන් ඔප්නැංවීමේ අභිලාෂයෙන් ආරම්භ කරන ලද ‘Elephant House Super Heroes Powered By Dialog’ සමාරම්භක වැඩසටහනෙන් අත්කරගත් සාර්ථකත්වයෙන් පසු, මෙරට දක්ෂයින් අතර දක්ෂයින්ගේ හැකියාවන් සහකුසලතාවයන්ට ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරදීම වෙනුවෙන් ‘Elephant House SuperHeroes” powered by Dialog’ වැඩසටහනේ දෙවනි අදියර ආරම්භ වී තිබේ.
ශ්‍රී ලාංකිකයින්ගේ වඩාත් ආදරණීය සහ විශ්වසනීය අයිස් ක්‍රීම් සන්නාමය වන එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් සමාගම සහ මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සමඟ නැවත වරක් එක්ව මෙම දීපව්‍යාප්ත තරගාවලිය සංවිධාන කරනු ලබයි. ලාංකේය තාරුණ්‍යයේ දක්ෂතා ඔප්නංවමින් ඔවුන්ගේ නායකත්ව හැකියාවන් සංවර්ධනය කර, නවෝත්පාදන හැකියාවන්ගෙන් පිරිපුන් වගකීම්සහගත අනාගත පරපුරක් රටට දායාද කිරීම මෙම තරගාවලියේ අරමුණයි.
‘Elephant House SuperHeroes” powered by Dialog’ වැඩසටහන තුළින් Super Talent’” ‘Super Innovator’iy ‘Super Responsible කාණ්ඩ ත්‍රිත්වය ඔස්සේ ජයග්‍රාහකයන් තෝරා ගැනේ. තරගකරුවෙකුට හෝ තරගකාරිකට තනිව හෝ කණ්ඩායමක් වශයෙන් මෙම කාණ්ඩ තුන ඔස්සේ තම සුවිශේෂී දක්ෂතාවයන්, නවෝත්පාදන හැකියාවන්, තිරසර දිවි පැවැත්මක් ඉදිරිපත් කිරීම සඳහා තරගාවලියට සහභාගි විය හැක. තරගාවලිය මාස 6 ක් පුරාවට ක්‍රියාත්මක වේ.