රටේ අර්බුදයෙන් ගායක ගායිකාවෝ කබලෙන් ළිපට වැටිලා

176

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති විශාරද ජානක වික්‍රමසිංහ

ඉන්ධන, ගෑස් අර්බුදය නිසා ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ ගායක විශාරද ජානක වික්‍රමසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (15 වැනිදා) පැවසීය.

එසේම රටේම ජනතාව කරන අරගලය ජය ලබා රට යහපත් තැනකට පත්වේවා යන්න තම ප්‍රාර්ථනය බවද හෙතෙම කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතාකළ විශාරද ජානක වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති හැටියට ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් ඉන්නේ ඉතාම අසීරු තැනක. සාමාන්‍ය ජනතාවට තියෙන ගෑස් ප්‍රශ්නය, ඉන්ධන අර්බුදය කලාකරුවෝ හැටියට අපිටත් උරුමයි. රටේ ජනතාව සතුටින් ඉන්නවා නම් විතරයි අපට ඒ තැනකට ගිහින් සින්දුවක් කියන්න පුළුවන්. රටේම ජනතාව දුකින් ඉන්න තැනකට ගිහින් කොහොමද සින්දු කියන්නේ. අපේ කලාකරුවන් හුඟක්ම ඉන්නේ සංගීත ප්‍රසංග කලාව හා කලාත්මක කටයුතුවලින් ආදායම උපයන අය. එහෙත් රටේ පවතින අර්බුද නිසා අපි සියලු දෙනා සෑහෙන අපහසුතාවලට පත්වෙලා ඉන්නේ.

ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment