රටේ ආදායම විශාල ලෙස අඩුවෙලා: වියදම ඉහළ ගිහින් – මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ – හොරකම් කරලා හම්බ කරපු මුදල් රටට ගේන්න පනතක් ගෙනත්- කබීර් හෂීම්

226

* බදු සහන දීමෙන් රටට  විශාල මුදලක් එනවා – රමේෂ් පතිරණ

* බදු සහන දීලා තිබෙන්නේ  වංචනිකයන්ටයි – හර්ෂ ද සිල්වා

* දරුවන්ගේ අනාගතය  මිලිටරිකරණය කරන්න හදනවා – අජිත් මාන්නප්පෙරුම

රටේ ආදායම විශාල ලෙස  අඩුවෙලා: වියදම ඉහළ ගිහින් - මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ - හොරකම් කරලා හම්බ කරපු මුදල් රටට ගේන්න පනතක් ගෙනත්- කබීර් හෂීම්


පවතින කොවිඞ් වසංගතය හේතුවෙන් රටේ ආදායම් විශාල වශයෙන් අඩුවූ අතර වියදම් ඉහළ ගොස් ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) ප‍්‍රකාශ කළේය.

රටේ ආදායම විශාල ලෙස  අඩුවෙලා: වියදම ඉහළ ගිහින් - මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ - හොරකම් කරලා හම්බ කරපු මුදල් රටට ගේන්න පනතක් ගෙනත්- කබීර් හෂීම්



වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (07දා) පෙරවරු 10.00 ට රැස්විණි.

නිවේදන, වාර්තා ආදිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත‍්‍රීවරු විසින් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව 27(2) යටතේ විශේෂ ප‍්‍රකාශ සිදුකිරීම හා ඒවාට පිළිතුරු ලබාදීම සිදුකෙරිණි.

අනතුරුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක්, ශ‍්‍රී ලංකා විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත, මුදල් පනත් කෙටුම්පත, නිෂ්පාදන බදු පනත යටතේ නියමය, ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි ති‍්‍රත්වයට අදාළ දිනට නියමිත විවාදය ඇරඹිණි.

විවාදය ආරම්භ කරමින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා

අද ශ‍්‍රී ලංකාවත් සමස්ත ජනතාවත් ඉතා අසීරු තත්ත්වයක සිටිනවා. අපේ රට දරුණු විදේශ විනිමය ප‍්‍රශ්නයක සිටිනවා. දේශීය වශයෙනුත් මූල්‍ය අර්බුදයකයි අප සිටින්නේ. ඒ නිසා මේ මොහොතේ සෑම කෙනකුගේම සහාය අවශ්‍ය වෙනවා. දේශපාලන වාසි ගැනීම වෙනුවෙන් අපි තනියම වැඩකටයුතු කරන්නේ නෑ. කොවිඞ් තත්ත්වය තුළ සමස්ත වශයෙන් මූල්‍ය අර්බුදයක් ඇති වෙලා. කොවිඞ් සඳහා වියදම් ඉහළ ගිහින්. රජයට ලැබෙන ආදායම ඉතා අඩු මට්ටමකයි තිබෙන්නේ. අපි අවංකවම වියදම් අඩු කරන අවස්ථාවක සිටිනවා. ආදායම බිලියන 1500 ක් – 1600 ක් ලැබීම අඩුවෙලා තිබෙනවා. අපි තක්සේරු කළ මුදලටත් වඩා විශේෂයෙන්ම රේගුව ගත්තොත් ආදායම ලැබීම අඩුයි. වාහන ආනයනය අනුව තමයි එම ආදායම වැඩියෙන්ම ලැබුණෙ. එය අඩුවෙලා. ඊළඟට සුරාබදු ආදායම අඩුවෙලා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමත් අඩුවෙලා. ජනතාව නීතිවිරෝධී මත්පැන් භාවිත කරන නිසා ආදායම් අඩුවීම වගේම සෞඛ්‍ය ප‍්‍රශ්නත් මතුවෙලා තිබෙනවා. පසුගිය කාලය තුළ මේ නීති විරෝධී මත්පැන් ශීඝ‍්‍රයෙන් ඉහළ ගිහින් තිබෙනවා. වැට් ආදායමත් අඩුවෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් වියදම අඩුවෙලා නෑ වැඩි වෙලා තිබෙනවා. වැක්සින් සඳහා ඉහළ මුදලක් වියදම් වෙනවා. අපට ලැබුණු වැක්සින්වලින් 80% ක් සඳහා මුදල් වියදම් වුණා. ඒ වගේම ඔක්සිජන් සඳහාත් විශාල අතිරේක වියදමක් දරන්න වුණා. මේ වසංගතය නිසා අපේ වියදම් වැඩිවුණා. රාජ්‍ය සේවක වැටුප් ලබා දුන්නා. අපි දීමනා කප්පාදු කළේ නෑ ඒ අයගේ. විදේශ මුදල් ලැබීමත් අර්බුදයකයි තිබෙන්නේ. නමුත් අපනයනය සම්බන්ධයෙන් සතුටුවිය හැකි තත්ත්වයක සිටින බව කියන්න ඕනෑ. විදේශ ණයත් අපි ඉතාම අරපරෙස්සමෙන් පාවිච්චි කරන්නේ. අත්‍යවශ්‍යම ව්‍යාපෘතියකට පමණයි අපි ණය ලබාගන්නේ. නමුත් අපට විදේශ ණය ගෙවීමට තිබෙනවා. ණය සීමිත වශයෙන් ගෙන ණය වාරික ගෙවමින් අපි ණය නැති රටක් වීමටයි බලාපොරොත්තුව. මේ වසර වනවිට අප විදේශ විනිමය ඉතිරි කර ගැනීමට තවත් කටයුතු කරනවා. පිටරටින් ගෙන්වන බෝග වර්ග 16 ක් මේ රටේම වවා ගැනීමට කටයුතු කරනවා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ)

රටේ ආදායම විශාල ලෙස  අඩුවෙලා: වියදම ඉහළ ගිහින් - මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ - හොරකම් කරලා හම්බ කරපු මුදල් රටට ගේන්න පනතක් ගෙනත්- කබීර් හෂීම්

මුදල් ඇමැතිතුමා මූල්‍ය අර්බුදය ගැන පැහැදිලි කළා. වියදම වැඩියි කිව්වා. ආදායම අඩුයි කිව්වා. විදේශ විනිමය අර්බුදයක් තිබෙනවා කිව්වා. සංචාරක ව්‍යාපාරය ගැන කිව්වා. ණය ගැනීම ගැන සඳහන් කළා. මුදල් ඇමැතිතුමා කිව්වා රටේ ස්වෛරීභාවයට හානිවන ආකාරයට ණය ගන්නේ නෑ කියලා ඒක ඉතා වටිනවා. විපක්‍ෂයේ සහාය ඉල්ලූවා. අපි ඒක ලබාදෙනවා. අපි ඕනෑ වෙලාවක සාකච්ඡුාවකට සූදානම්.

අපි යෝජනාත් ලබාදීලා තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව ගෙනත් තිබෙන මුදල් පනත ගැන කිව යුතුයි. අපි අවස්ථා කිහිපයකදී ඒ ගැන කිව්වා. විශේෂයෙන්ම දැන් බදු සහන ලබාදීලා තියෙනවා. ඇතැම් විට වංචනිකයන්ටත් බදු සහන හිමිවෙනවා. හිතවත්කම් තිබෙන අයට බදු ගෙවීම් පැහැර හරින්න අවස්ථාව ලබාදීලා කියලා හිතෙනවා.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

හර්ෂ ද සිල්වා මහතා බොරු මත ඇතිකරනවා. ආණ්ඩුව ගත් හැම තීරණයක්ම පවතින නීතිය යටතේ ආර්ථිකය ශක්තිමක් කිරීමට ගත් ඒවා. ආනයන අපනයනය පරතරය වසර ගණනාවකට පසු අඩුවෙමින් පවතිනවා. එය ඉතා හොඳ තත්ත්වයක්. සුභසාධන කටයුතු අපි එක සතයක්වත් අඩුකළේ නැහැ.

2019 දී ආර්ථිකයට කළ විනාශය අද ආර්ථික අර්බුදයට එක හේතුවක්.

එන්නත්කරණය පිළිබඳ විපක්‍ෂය අවිශ්වාසයක් ඇතිකළා. අපි ඊට මුහුණ දුන්නා. අපි ජනගහනයෙන් සියයට 60 කට වඩා පළමු එන්නතත්, සියයට 40 කට වඩා දෙවන එන්නතත් ලබාදුන්නා. ඒනිසා වැඩිකල් නොගිහින් ආර්ථිකය යථාවත් කිරීමට අපට හැකියාව ලැබෙනවා.

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන

කොවිඞ් වසංගතය හමුවේ අපි දැඩි වියදම් කළමනාකරණයක් සිදුකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය සෑම වියදමක්ම රජය දරනවා. කිසිදු අඩුවක් කරන්නේ නැහැ. ඒවා අපි කළ යුතුයි.

අද අපි ආර්ථික අභියෝගය භාරගෙන ඊට මුහුණ දෙනවා. රාජ්‍ය සේවකයන්ගේ හෝ විශ‍්‍රාමිකයන්ගේ එක රුපියලක්වත් අඩුකර නැහැ.

විපක්‍ෂය අපේ‍්‍රල් මාසයේ විරෝධතා 5 ක් මැයි 11 ක් ජුලි විරෝධතා 418 අගෝස්තු විරෝධතා  404 ක් පවත්වලා ලක්‍ෂ ගණනින් ජනතාව පාරට බස්සලා. මෙයින් කොපමණකට කොවිඞ් හැදුනද. අපි ජාතියක් ලෙස අභියෝගයට මුහුණ දෙමු.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක (ජ.වි.පෙ)

ලක්‍ෂ ගණන් මිනිස්සු පාරට බැස්සේ නිකං නොවෙයි. ගොවියාට ප‍්‍රශ්න එනකොට පාරට බැස්සා. ගුරුවරු ඉල්ලීම් වෙනුවෙන් පාරට බැස්සා. ආණ්ඩුව විසින් ව්‍යසනයට පත්කළ නිසා ජනතාව පාරට බැස්සේ.

කොවිඞ් වසංගතය විශාල වසංගතයක් වුණේ දේශපාලන මැදිහත්වීම මතයි. කෝටා ක‍්‍රමයට මන්ත‍්‍රීවරුන්ට එන්නත් දුන්නා. මේ ක‍්‍රමය වෙනස් නොකර කිසි ප‍්‍රශ්නයක් විසඳන්න බැහැ.

හෙළි නොකරන ලද දේශීය විදේශීය වත්කම් ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. දීර්ඝ කාලයක් ටෙන්ඩර්වලට මැදිවූ අය හෙළිකර නැහැ. චෞර ව්‍යාපාරිකයන් පිරිසක් වත්කම් හෙළිකර නැහැ. රාජ්‍ය නිලධාරීන් 50 ක් පමණ ඉන්නවා එවැනි ලෙස. මෙවැනි අය අධිකරණයට ගෙනවිත් අයථා ලෙස උපයාගත් ඒවා පවරා ගැනීම ආණ්ඩුවේ පොරොන්දුව.

මහජනයාගේ ධනය එකතු කරගත් කළු ව්‍යාපාරිකයන්ගේ මුදල් එළියට දාන්න සුදු කරන්න යනවා. එය පිළිගන්නවාද? හෙළිදරව්කරන කිසිම දේපලක් ආරක්‍ෂා කරන බවට පනතේ සඳහන් වෙනවා.

පත්කළ මන්ත‍්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ‍්‍රීලපොපෙ)

මේ වනවිට රජයේ ආදායම රජයේ වියදම් පියවීමට තරම් ප‍්‍රමාණවත් නොවන බව ඔබ දන්නවා. ඒ නිසයි අද අපි මේ පනත් ගෙනත් තිබෙන්නේ. මැජික් පෙන්නනවා වගේ මේ රටේ ආදායම් වැඩි කරගන්න බෑ. ඒ වගේම මේ වනවිට රජය වියදම් අඩුකර ගැනීමට කි‍්‍රයා කරනවා.

කෑගල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා (සජබ)

මේ රටට ඉදිරිපත් වුණු ¥ෂිතම පනත් දෙකක් අද ඉදිරිපත් කර තිබෙනවා. මේ ආණ්ඩුව ඊයේ දින හදිසි නීතිය දාලා හංගපු ආහාර ද්‍රව්‍ය හොයන්න යනවා. ඒත් අද දින මේ ආණ්ඩුව හොරකම් කරලා හංගපු මුදල් රටට ගෙනඑන්න පනතක් ඉදිරිපත් කරනවා. එදා මේ අය පසුගිය ජුලි මාසයේදී කැබිනට් එකේදී මේ පනත ප‍්‍රතික්‍ෂේප කළා. නමුත් අද ගේනවා. මේ ආණ්ඩුව නීති සම්පාදනය කරන විදිහේ බරපතළ වරදක් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට ආපු ගමන්ම බදු සහන දුන්නා. ඒ සහන පොඩි මිනිහාට ලැබුණේ නෑ. ඒකෙන් තමයි මේ ආර්ථික අර්බුදය ආරම්භ වුණේ. අද කරලා තිබෙන බදු සමාව ඉතා සීමිත පිරිසකටයි ලබාදී තිබෙන්නේ. මෙහෙම

කරන්න බෑ. රටේ බදු ව්‍යුහය වහාම වෙනසකට ලක්කළ යුතුයි. අද ප‍්‍රථම වතාවට අපේ රටේ ආදායමට වඩා ආදායම් හිඟය වැඩිවෙලා තිබෙනවා.

වැවිලි කර්මාන්ත ඇමැති වෛi රමේෂ් පතිරණ මහතා

රටේ ආදායම විශාල ලෙස  අඩුවෙලා: වියදම ඉහළ ගිහින් - මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ - හොරකම් කරලා හම්බ කරපු මුදල් රටට ගේන්න පනතක් ගෙනත්- කබීර් හෂීම්


මේ පනත ගෙනාවේ මුලින්ම එක්සත් ජාතික පක්‍ෂයයි. බදු සහන ලබාදීම අපි විතරක් කළ දෙයක් නොවෙයි. අවස්ථා ගණනකදී විනිමය පනත් අපේ රටේ ගෙනත් තිබෙනවා. අපේ රජය විතරක් නොවෙයි විදෙස් රටවල් රැුසක් මේ දේ කරලා තිබෙනවා. මේ ආණ්ඩුව මගින් අපි බදු සහන ලබාදී තිබෙනවා. වැට් බද්ද අඩු කළා. මේ දැන් කරන්නේ සංසරණය නොවන මුදල් නැවත ජාතික ආර්ථිකයට එකතු කිරීමයි. මේ බදු සමාවදීම් හරහා රටට විශාල මුදලක් ලැබෙයි කියලා අපි හිතනවා.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අශෝක් අබේසිංහ (සජබ)

මේක කළු සල්ලි සුදුකරන පනතක්. කළු සල්ලි සුදුකරන අය හෙළි කරන්නවත් බැහැ. අපේ ආණ්ඩු කාලයේදී අපි මේ පිළිබඳව වහා මැදිහත්ව කි‍්‍රයා කරනවා. නීතිගරුක කාටවත් මේ පනතට අත උස්සන්න බැහැ.

රාජ්‍ය ඇමැති කනක හේරත්

අපේ රටේ බදු නොගෙවන පිරිස බදු ගෙවන පිරිසට එකතු කර ගැනීමට ගත් හොඳ පියවරක්. අපේ රටට විදේශ විනිමය ගෙන ඒමට අවස්ථාව ලැබෙනවා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

මේ පනතින් නීති විරෝධීව උපයා ගත් මුදල් කළු සල්ලි සුදු සල්ලි කිරීමට මාර්ගයක් ඇතිවෙනවා. පිටරටක ගෙනගිහින් ඇති සල්ලි පිටරටම ආයෝජනය කර ඒ මුදල මේ රටේ නීත්‍යානුකූල කර ගන්න පුළුවන්. එය රටට ශක්තියක් වන්නේ නැහැ.

කළු සල්ලි සියයට 1 ක බද්දක් ගෙවලා නීත්‍යානුකූල කරගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙනවා. වැරදි පූර්වාදර්ශයක් මේ මගින් අනාගත පරපුරට ලැබෙනවා. පකිස්තානේ අගමැති බදු නොගෙවපු අය, මුදල් හංගාගෙන ඉන්න අය අල්ලලා හිර කරනවා. මධුෂ්ලා, පොට්ට නවුෆර්ලා කුඩු වලින් හම්බ කළා. ඔවුන් හිටියා නම් ඔවුන්ගේ මුදල් සුදුකර ගන්නවා.

අද රටේ ජනතාව හිතන්න පුරුදුවෙලා තරුණ පරපුර නීතියට ගරු කරනවා හැර රජයේ බල අධිකාරියට නැමෙන්න සූදානම් නැහැ.

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර

රට ඇතුලේ ඉතිරි කිරීම් වැඩිකර ගැනීම, සංචාරක ව්‍යාපාර දියුණු කිරීම ආදී ක‍්‍රම මගින් ආර්ථිකය නැංවිය හැකියි. රටේ බදුගෙවන ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අඩුවෙලා තිබෙනවා. 2019 දී බදු අපේක්‍ෂිත ප‍්‍රමාණයක් ලැබුණෙ නැහැ. බිලියන 600 ක් පමණ ලැබුණෙ නැහැ. බදු සමා පනත මගින් බලාපොරොත්තු වෙන්නේ වත්කම් හෙළි නොකළ අයත් බදු දැලට එකතු කර ගැනීමයි.

පත්කළ මන්ත‍්‍රී සාගර කාරියවසම් (ශ‍්‍රීලපොපෙ)

කොටස් වෙළෙඳපොළ රටක ආර්ථිකයේ එක් පැතිකඩක්. ජනතාවට තම ධනය ආයෝජනය කිරීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. 2015 දී ආණ්ඩුව භාරදෙන විට ඉහළ අගයක තිබූ කොටස් වෙළෙඳපොළ ඒකක අගය පහළ බැහැලා. ලංකාවේ සමාගම් කිහිපයක් එහි තැරැුව්කාරකමින් ඉවත් වුණා.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සමන්පි‍්‍රය හේරත් (ශ‍්‍රීලපොපෙ)

එන්නත්කරණය ගැන කිසිම දේශපාලන බලපෑමක් නැහැ. එන්නත්කරණය ගැන චෝදනා කරන අය එම්. ඕ.එච්. එකකටවත් ගිහින් නැහැ.

පාරිභෝගික භාණ්ඩවල මාෆියාවක් තියෙනවා. සිමෙන්ති කොට්ටයක් රුපියල් 1300 ට වඩා විකුණනවා. මේ ව්‍යාපාරිකයා විපක්‍ෂයේ පාක්‍ෂිකයෙක්.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ)

රසායනික පොහොර සියයට සීයක් තහනම් කරපු එකම රට. හංගපු සීනි මිලදී ගත් එකම රට. හංගපු බඩු අල්ලන්න හදිසි නීතිය ගෙනා එකම රට ශ‍්‍රී ලංකාව. දරුවන්ගේ අනාගතය හමුදාවට භාරදී මිලිටරිකරණයට ගෙන යන එකම රට ලංකාවයි. ඒ අතින් අපේ රට ගිනස් වාර්තාවට යනවා.

කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අනුප පැස්කුවල් (ශ‍්‍රීලපොපෙ)

එදා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව චෝදනා පිට චෝදනා එල්ල කළා. 2015 න් පස්සේ හොර සල්ලි කියා හොයන්න ලෝකය වටේ ගියා. එහෙම දෙයක් හොයාගන්න බැරිවුණා. අනුර කුමාරලා, චම්පිකලා අරලියගහ මන්දිරයේ සිට එල්ල කළ චෝදනා පුස්සක් වුණා. අදත් ඒ විපක්‍ෂය එවැනිම බොරු චෝදනා එල්ල කරනවා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

ආණ්ඩුව ව්‍යාපාරිකයන් වෙනුවෙන් නොව ජාවාරම්කාරයන් වෙනුවෙන් නීති ගේන්නේ. කළු සල්ලි සුදු කරන්න අවස්ථාව දීලා. මැති ඇමැතිවරුන්ගේ කළු සල්ලි සුදුකරන්නත් අවස්ථාව ලැබිලා.

රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා

අද කොටස් වෙළෙඳපොළ ඉතා සක‍්‍රීය වෙලා. ලොව පළමු වතාවට වැඩිම දෛනික මිල ගණන් ඉදිරිපත් වෙලා. එහි කොටස්කරුවන් ආරක්‍ෂා කරගැනීම වැදගත්. කොටස් වෙළෙඳපොළ 2014 වනවිට ඉතා ඉහළට තිබුණත් 2015 සිට කඩාවැටීම ඇරඹුණා. එදා ආණ්ඩුව කිව්වේ ආයෝජකයන්ගේ කුමන්ත‍්‍රණ අර්බුද කියලා. ආණ්ඩුව ඔවුන් පසුපස ගියා. ගිය ආණ්ඩුවේ වැරදි ආර්ථික පිළවෙත් නිසා මේ කඩාවැටීම සිදුවුණා.

පසුගිය වසර පහ තුළ නොදුටු යහපත් සංවර්ධන වැඩ මේ ආණ්ඩුව යටතේ කි‍්‍රයාත්මක වෙනවා. ඒ අනුව කඩා වැටුණු කොටස් වෙළෙඳපොළ යළි පිබිදෙනවා.

රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල්

අපේ ආණ්ඩුව ආර්ථිකය නැංවීමට නිවැරදි පියවර රැුසක් ගත්තා. ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම ඉතා විනිවිදභාවයෙන් යුතුව සිදුවෙනවා.

සමහරු මුදල් විශුද්ධිකරණය ගැන කතා කරනවා. එහෙම දෙයක් නැහැ. තම ආදායම බදු ලෙස ඉදිරිපත් කර නැති වෙන්න පුළුවන්. ඒවා අනීතික උපයාගැනීම් නොවෙන්න පුළුවන්. ඔවුන්ට බදු ලෙස ඉදිරිපත්වී නිවැරදි කරගන්න ඔවුන්ට අවස්ථාව හිමිවෙනවා.

රුපියල අවම වීම වැළැක්වීමට මහ බැංකුව කි‍්‍රයාකළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදිය යුතුය.

සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව නැවත 21 දා පෙරවරු 10.00ට රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment