රටේ ආර්ථිකයට හිතකර ලෙස වීසා ගාස්තු ස්ථාපිත කරනවා – රාජ්‍ය ඇමැති චමල් රාජපක්‍ෂ

229

රටේ ආර්ථිකය ගොඩනැංවීමට උපකාරි වන ආකාරයට හා වර්තමානයට ගැළපෙන පරිදි ආකර්ෂණීය වීසා ගාස්තු ක‍්‍රමවේදයක් ස්ථාපිත කරන බව වාරිමාර්ග ඇමැති හා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආයෝජකයන්ටත්, විදේශ අධ්‍යාපනය ලබන්නන්ටත්, විදෙස් පුරවැසි බව ලැබූ ලාංකිකයන්ටත් විදේශිකයන් සමග විවාහ වූ පුරවැසියන්ටත් ආකර්ෂණීය වීසා ක‍්‍රමවේදයක් ඇතිකරන බවද හෙතෙම කියා සිටියේය.

වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (10 දා* පෙරවරු 10.00 ට

රැුස්විණි.

ලිපි ලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව අගමැතිවරයාගෙන් විමසන ප‍්‍රශ්න සහ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. අනතුරුව 27/2 යටතේ විශේෂ ප‍්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු සැපයිණ.

ඉන්පසු 2020 අංක 07 දරන විසර්ජන පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන* පනත යටතේ රෙගුලාසි සහ ආගාමික හා විගාමික (සංශෝධන* පනත් කෙටුම්පත විවාදයට ගැනිණි.

විවාදය ආරම්භ කරමින්,

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා – කොවිඞ් තත්ත්වය සමග අපේ රටේ අද ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන බව මා වගකීමෙන් කිව යුතුයි.

කෝකිලා ගුණවර්ධන මහත්මිය මූලාසනයට පැමිණේ

රෝහිත අබේගුණවර්ධන මහතා – යුද්ධය පැවැති කාලයෙන් පසුව අපි සියයට 07 දක්වා අපේ ආර්ථිකය වර්ධනය කර ගත්තා ඉන් පසුව 2015 දී වික‍්‍රමසිංහ ආණ්ඩුව 2.3 ක ආර්ථික වර්ධන වේගයක් සහිතවයි අපට භාර දුන්නේ වත්මන් විපක්‍ෂ නායකතුමා ඒ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙක්. වගේම එම පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා බව අප අමතක කළ යුතු නෑ. ඒ ආණ්ඩුව කාලේ වසංගතයක් හෝ යුද්ධයක් හෝ ආර්ථික අර්බුදයක් හෝ තිබුණේ නෑ. ඒත් ආර්ථික වර්ධනය ඒ තරම් පහළට වැටුණා. එවිටයි අපි රට භාරගත්තේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති බවට පත් වුණා. අපට තුනෙන් දෙකක බලයක් ලැබුණා. ඒත් චීනයේ වූහාන් නගරයෙන් පටන්ගත් කොවිඞ් අර්බුදය නිසා අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. සංචාරක ක්‍ෂේත‍්‍රය, අපනයන ක්‍ෂේත‍්‍රය ඇතුළු සියලූ අංශ අපේ කඩාගෙන වැටුණා. එහිදී අපි ඊට එකම විසඳුම ලෙස එන්නත්කරණය ආරම්භ කළා.

පත්කළ මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න මහතා (සජබ* – මේ වනවිට රටේ කොවිඞ් අර්බුදයක් තිබෙන බව පෙනෙනවා. ඒත් ඊට වඩා අර්බුද මේ ආණ්ඩුව නිර්මාණය කරගෙන තිබෙනවා. අධිකරණ ඇමැති කෙනකු සිටියදී වෙනත් අයගේ ප‍්‍රධානත්වයෙන් එක රටක්, එක නීතියක් ලෙස කාර්යසාධන බළකා පත් කරනවා. තමන්ට උදව් කරපු නිසා එහෙම පත් කිරීම් කරනවද දන්නේ නෑ. මේක අවුලක්. සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිතුමා දවසක් පාර්ලිමේන්තුවේ කිව්වා පිටතින් හදන නීතිවලට අත උස්සන්නේ නෑ කියලා.

අපිට හිතෙනවා විවිධ ජාතිවාදීන් මේ ආණ්ඩුවට රිංගගෙන ඉන්නවා කියලා. ඒත් බහුතර ජනතාව ජාතිවාදී නෑ. අපි කියන්න ඕනෙ, පිටරටවල සිටින ලාංකික ජනතාවත් ජාතිවාදී නෑ. කොවිඞ් අර්බුදය වළක්වන්න නොහැකි වුණත් මේ ආණ්ඩුව අඩුවෙන්ම වියදම් කර තිබෙන්නේ කොවිඞ් මර්දනයටයි.

ශී‍්‍ර ලංකාව ජාතික ආදායමෙන් බිංදුවයි දශම අටයි වෙන් කරල තිබෙන්නේ. මාලදිවයින, ඉන්දියාව, එංගලන්තය වැනි රටවල් මීට වඩා මුදල් වෙන් කරල වියදම් කළා. කොවිඞ්වලට කලින් බදු අඩු කළ නිසයි ආණ්ඩුව අර්බුදයකට ලක් වුණේ. අද ආහාරවල උද්ධමනය ඉහළටම ඉහළ ගිහින්. මේ ප‍්‍රශ්නයට පන්නරයක් අවශ්‍යයි. එහෙම නොවුණොත් මිනිස්සු පාරට බහියි. පුද්ගලයන් නිර්මාණය කළ ප‍්‍රශ්නයි තිබෙන්නේ, වැරදි ප‍්‍රතිපත්ති සහ කුහකත්වය නිසයි මේ දේ වෙලා තිබෙන්නේ.

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගුණතිලක රාජපක්‍ෂ මහතා (ශී‍්‍රලපොපෙ* – අද කාලයට ගැළපෙන පරිදි නීති රීති වෙනස් විය යුතුයි. ඒ සඳහායි මේ නීති ගෙනත් තිබෙන්නේ. ආනයන අපනයන සම්බන්ධව අප සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම අපි පාරිභෝගිකයන්ට සහන සැලසිය යුතුයි. අද සීනි කිලෝවක් රුපියල් 140 ක් වෙලා. මෙය අතහැරලා දැම්මොත් 160, 180 දක්වා ඉහළට යන්නත් පිළිවන්. ඒ නිසා සීනි ගෙන්වීම සම්බන්ධයෙන් තරගකාරිත්වයක් ඇති කළ යුතුයි. ඉරාන් මන්තී‍්‍රතුමා කිව්වා කොවිඞ් මර්දනයට අඩුම මුදලක් වෙන් කළේ කියලා. එය වැරදියි, ඉල්ලා අස්කරගන්න.

දහවල් 12.30 ට සභාව දිවා විවේකය සඳහා කල් තැබීමෙන් පසුව නැවතත් පස්වරු 01.30 ට

රැුස්විණි.

(වේලූ කුමාර මහතා මූලාසනයට පැමිණේ*

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රාවුෆ් හකීම් (සජබ* – රටපුරා ගංවතුර තත්ත්වයක් ඇතිවෙලා. නිතර වැසි ඇති වූ විට පිඟාඔය මගින් අකුරණ ප‍්‍රදේශයේ ගංවතුර තර්ජන ඇතිවෙනවා. මෙය වැළැක්වීමට පියවර ගත යුතුයි.

මේ ප‍්‍රදේශයේ ප‍්‍රමිතියෙන් තොරව ඇතිවූ

ගොඩනැ`ගිලි පවතිනවා.

එකම රටක් එකම නීතියක් කාර්යසාධක බළකාය ගැන ජවිපෙ ප‍්‍රශ්න කළ විට අගමැතිවරයා ඊට උත්තර දුන්නේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ලෙසයි.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මධුර විතානගේ (ශී‍්‍රලපොපෙ* – ගෝලීය වසංගතයක් තිබියදී ජනතාව පාරට ඇදල දාල මළමිනී මතින් දේශපාලනය කරන එකම විපක්‍ෂය මේ රටේ විපක්‍ෂයයි. කොවිඞ් ආවට පස්සෙයි විපක්‍ෂයට ගුරු වැටුප් මතක් වී තිබෙන්නේ. අද ලෝකයේ රටවල් රැුසක් දැඩි අර්බුදවලට මුහුණ දීලා. හැම රටක්ම තම රටේ සම්පත් වෙන රටවල්වලට නොදී මේ කාලය ගත කිරීමට පියවර ගන්නවා. මේ මොහොත ඉතා සංකීර්ණ කාලයක්.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජේ. සී. අලවතුවල (සජබ* – අයහපත් කාලගුණයත් සමග පුද්ගලයන් 20 ක් පමණ මියගිහින්. රජය නිවාස අහිමි වූ හා විපතට පත්වූවන්ට කඩිනමින් සහන ලබාදිය යුතුයි.

මේ ආණ්ඩුව හොඳටම කරනවා කිව්වත් ගෑස් පෝලිම් රට පුරාම. කිරිපිටි, සීනි, හාල් පෝලිම් ඇතිවෙලා. එයද හොඳටම කිරීම. 70-77 යුගය වගේ වෙලා. එදා චිත‍්‍ර ඇඳපු තරුණයෝ රටින් යන්න පෝලිම්වල. ඇත්ත තත්ත්වයට මුහුණ දෙන්න. අද රට බංකොලොත් වෙමින් පවතින බව ඇමතිවරුම කියනවා. කොවිඞ් විතරක්ම නොවෙයි එයට හේතුව ආණ්ඩුවේ වැරදි ප‍්‍රතිපත්තිත්් හේතු වුණා.

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වසන්ත යාපා බණ්ඩාර (ශී‍්‍රලපොපෙ* – ලෝකයේ පවතින ඛණිජ තෙල් හිඟය නිසා පුනර්ජනනීය බලශක්තිවලට යන්න වෙනවා. ඒ වගේම රසායනික පොහොර වෙනුවට කාබනික වගාවට යන්න වෙනවාමයි. අපේ රටේ වසරකට වකුගඩු රෝගයෙන් දහස් ගණන් මිය යනවා.

අපි පොහොර ගැටලූව කෙසේ හෝ ජය ගන්නවා. වස විසෙන් තොර ආහාර කියන්නේ නිකම්ම පොහොර ලබාදීමක් නොවෙයි. සියලූ වර්ගයේ වස විස ඉවත්වීමක් සිදුවිය යුතුයි. එසේ වෙනවා. අද වනවිට කෘෂි නිෂ්පාදන ආශි‍්‍රතයක් ඇති වෙමින් පවතිනවා. ඒ නිෂ්පාදනවලට තැනක් ලැබෙමින් පවතිනවා. ආනයන සීමා ඇති වෙනවා. ස්වදේශීය ආර්ථිකයක්

ගොඩනැ`ගීමට ජනපති ගන්නා උත්සාහයට සහාය දීම විපක්‍ෂයේ යුතුකමක්.

මන්තී‍්‍ර ශානක්‍යන් රාසමානික්කම් මූලාසනයට පැමිණෙයි.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් (සජබ* – ආණ්ඩුවේ වැරදි තීරණ සියල්ල කොරෝනාවලට යට කරන්න හදනවා.

ලෝකයේ අනික් රටවල්වල ආර්ථික වේගය වැඩි වෙනවිට අපේ රට විතරක් ආර්ථිකය පහළ යන්නේ ඇයි. ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය වැනි රටවලත් වර්ධනය ඇතිවෙලා. කොරෝනා නිසා නොවෙයි ආණ්ඩුවේ ගරානා නිසයි ආර්ථිකය වැටුණේ. ගසාකෑම්, මංකොල්ලකෑම් නිසයි අද රටට විපත සිදුවෙලා තියෙන්නේ.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුප පැස්කුවල් (ශී‍්‍රලපොපෙ* – රටේ විපක්‍ෂය ගොං විදිහට හැසිරුණේ නැත්නම් රටට මෙවැනි කාලයක් ඇති වන්නේ නැහැ. ගුරුවරුන් එළියට දාල දැඟලූවා. දැන් ගොවියෝ එළියට දාගෙන දඟලනවා. මෙවැනි අර්බුදවලදී වෙනත් රටවල නම් ආණ්ඩුව හා විපක්‍ෂය එකතුවී කටයුතු කළා. අපේ රටේ විපක්‍ෂය මරණ වැඩි කරන්න දැ`ගලූවා.

එක රටක් එක නීතියක් වෙනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශාල ලෙස කතා කළා. එවැනි අයකුට යෝජනා සකස් කිරීමට භාරදීම වැරැුදි නැහැ. හොඳ කි‍්‍රයාවක්.

රට හතරපාරක් වැහුවා. විපක්‍ෂය රට වහන්න කෑගැහුවා. ඒ හැම දේකටම මුහුණ දී ආර්ථිකය හදන්න ආණ්ඩුව පියවර ගත්තා. විපක්‍ෂය මේ රට විනාශ කරන්න දිගටම කි‍්‍රයාකරනවා. වගකීමකින් යුතුව විපක්‍ෂය කටයුතු කළ යුතුයි.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන (සජබ* – විපක්‍ෂය නොව ආණ්ඩුව වගකීමෙන් ද වැඩ කරන්නේ. පොහොර ප‍්‍රශ්නයේදී මහජන බැංකුව බ්ලැක්ලිස්ට් වෙලා. මෙහෙම ද කටයුතු කරන්නේ. ගොවීන් පාරට බැහැලා. ආහාර හිඟයකට මුහුණ දෙනවා. එය වළක්වන්න බැහැ.

අද ධීවරයා අන්ත අසරණ වෙලා. සංචාරක ක්‍ෂේත‍්‍රයට ණය සහන ලබාදෙනවා කිව්වත් ඒවා බොරුවක් බවට පත්වෙලා.

මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දැඩි අවදානමකට ලක්වෙලා. මීගමු කලපුවත් රැුම්සා තෙත් බිම් කලාපයක් කරන්න හදනවා. මීගමු ධීවරයන්ටත් බලපෑම් එල්ල වී තිබෙනවා. වහාම සාධාරණය ඉටුකරන්න.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මුජිබර් රහුමාන් (සජබ* – මේ වනවිට පාලන මිල ඉවත් කරගෙන අවසන්. ජනතාවගේ ආදායම් අහිමිවෙලා. සමහර ආයතන පඩි භාගයයි ගෙවන්නේ. සංචාරක ව්‍යාපාරය වැටිලා. සහන දෙනවා කිව්වත් දුන්නේ නැහැ. මාෆියා නැති කරනවා කිව්වත් සිදු වුණේ නැහැ. ජනතාව හූරගෙන කන පරිසරයක් ඇති කරලා. ව්‍යාපාරිකයන්ට විශාල නිදහසක් ලැබිලා. ඇන්ටිජන්, පී. සී, ආර්. පාලන මිල හැර අනිත් හැම පාලන මිලක්ම ඉවත් කරලා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති නිසා වංචාවක් සිදුව ඇති බව දැන් සභාපති කියනවා. හිටපු සභාපති දැම්මෙත් මේ ආණ්ඩුවයි.

පිටරට යන අයට පී.සී.ආර්. පරීක්‍ෂණ දෙකක් කරන්න වෙලා. ඇයි මෙහෙම ගසාකෑම්වලට ඉඩ දීල තියෙන්නේ.

වාරිමාර්ග ඇමැති චමල් රාජපක්‍ෂ මහතා – පවතින වීසා ක‍්‍රමවේදය යාවත්කාලීන කිරීමට පියවර ගන්නවා. අයකරන වීසා ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණා. විදේශ ආයෝජකයන් දිරිගැන්වීම මූලික අරමුණයි. විදේශ ශිෂ්‍යයන් සඳහා පසු වීසා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. විදේශ විනිමය වැඩි වශයෙන් ලැබේවි. විදේශීය කලත‍්‍රයකු සමග විවාහ වූ අයකුට වසර 4 ක වීසා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. පුරවැසි බව ලැබූ පුරවැසියන්ට පර්මනන්ට් වීසා ලබාදීමටත් පියවර ගන්නවා. රටට ආයෝජන ලබාදීම සලකා වීසා කාලයේ දිගුවක් ලබාදීමට සලකා බලනවා. වසර පහ හා දහය ලෙස එය දික්වෙනවා. ඉදිරියේදී ස්ථිර ලෙස ප‍්‍රකාශයක් සිදු කරනවා.

දීර්ඝකාලීන වීසා දීමේදී පසු විපරම් සිදු කරනවා. සංශෝධන මගින් ආර්ථික සංවර්ධනයට ආයෝජකයන් කැඳවීමටත් දේශීය ව්‍යාපාරිකයන් සමග තරගකාරිත්වයක් ඇතිකිරීමටත් බලාපොරොත්තු වෙනවා.

අනාගත පරපුරේ සුභසිද්ධිය වෙනුවෙනුයි පොහොර තීරණය ගත්තේ. එයට සහාය දිය යුතුයි. මීට වඩා රටේ අනාගතය වෙනුවෙන් සාකච්ඡුා කර යහපත් දෙයක් කරමු.

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වේලූ කුමාර් (සජබ* – අද ජනතාව කනගාටුවෙන් ඉන්නේ. ඒ ආණ්ඩුව ජනතාව රවටපු නිසයි. ජන ජීවිතය ගෙනයෑම වෙනුවට ජනපති විප්ලව කරන්නයි පියවර ගන්නේ. අද පෝලිම් යුගයක් ඇතිකරලා ජනතාව පාරට බස්සවලා.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න – ආයෝජකයන් පැමිණි පසු වීසා ප‍්‍රශ්නය හේතුවෙන් ගැටලූවලට මුහුණ දෙනවා. මේ ගැටලූ විසඳීම සංශෝධනවල ප‍්‍රධාන අරමුණයි.

ගුරු වැටුප්වලට ස්ථිර විසඳුමක් ලබාදීමට හැකි වුණා. එය සතුටට කරුණක්.

භෞතික සංවර්ධනයට වගේම අධ්‍යාපනයට ඉහළ ප‍්‍රමුඛතාවක් ලබාදීම අනිවාර්යයි. පවතින තත්ත්වයන් නිවැරැුදි කර ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කළ යුතුයි.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ* – ආගමන විගමන සංශෝධනවලට අපි එකඟයි. ශී‍්‍ර ලාංකික පුරවැසියන් විදේශිකයකු සමග විවාහ වූ විට ඔහුට මෙරට පුරවැසි බව ලැබෙන්නේ නැහැ. කාන්තාවන්ට එය ගැටලූවක් වී නැහැ.

අපේ රටේ පිටරට අයට වීසා දෙන්න යනවිට අපේ රටේ අය පිටරට යන්න වීසා ගන්න පෝලිමේ ඉන්නවා. මේ ගැන සොයා බැලිය යුතුයි.

මෙරට අපනයනවලට මහ බැංකුව නියමයන් පැනවූවා. ඒ අපනයන ආදායම රුපියල් බවට පත් කළ යුතුයි කියලා. ඔවුන්ට රුපියල් ලැබෙන්නේ ඩොලරය රුපියල් 203 ට. ඒත් ඇත්ත මිල වැඩියි. එසේ වූ විට ඔවුන් ඩොලර් විදේශ බැංකුවල තැන්පත් කරගන්නවා. මේ නීතියෙන් නැවත අපි ආපස්සට එනවා. කිසිම දිරිගැන්වීමක් නැහැ.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ – විපක්‍ෂයේ සමහරු රජයටත් රාජ්‍යයටත් එරෙහිව දුර්මත පැතිරවීමට පාර්ලිමේන්තුව යොදා ගන්නවා.

මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ ප‍්‍රධාන අරමුණක්. අද ප‍්‍රශ්න නිරාකරණය වන්නේ ඒ තුළින්. එන්නත්කරණය ඉතා සාර්ථක වුණා. එය හීන කරන්න බංග්ලාදේශය, නේපාලය ඇතුළු රටවල් කර ඇති වියදම් ගැන විපක්‍ෂය කතා කළා. පූර්ණ එන්නත්කරණය අතින් අපේ රට ඉදිරියෙන්. අපේ රටේ තරම් වෙන කිසිම රටක එන්නත්කරණය කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ පැවැත්වූයේ නැහැ. ආයුධ සන්නද්ධව පාර්ලිමේන්තුව වටලන බවට විපක්‍ෂය තර්ජනය කරනවා. එදා 71 වගේ පහත් මානසිකත්වයක් ඇති විරුද්ධ පක්‍ෂයක් අපේ රටේ තිබෙන්නේ.

විපක්‍ෂය ගුරුවරුන් පෙරට දාගෙන සටන් කළේ රජය විසඳුම් ලබා දෙන බවට දැන දැනමයි. අශීලාචාර විපක්‍ෂයක් අපේ රටේ තිබෙන්නේ.

අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12000 සීමාවට මේ වසරේ යා හැකියි. ඉතා සාර්ථකයි.

පහුගිය ආණ්ඩුව තවම තිබුණනම් බලාගන්න තිබුණ කොවිඞ්වලින් මැරෙන ප‍්‍රමාණය. පහුගිය ආණ්ඩු කාලයේදීම කොයි තරම් රට අස්ථාවර වුණාද. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ගේන බවට කිව්වත් කිසිවක් කර ගන්න බැරි වුණා. අපි මෝටර් රථ හා යතුරුපැදි එකලස් කිරීමේ ආයතන 11 ක් සමග සාකච්ඡුා කරල සමහර ආයතන වැඩ පටන් අරන් තිබෙනවා.

විසර්ජන පනත් කෙටුම්පත සහ ආගාමික හා

විගාමික පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (11 දා* පෙරවරු 10.00 ට යළි  රැුස්වීමට නියමිතය.

අයහපත් කාලගුණයෙන්  විපතට පත්  ජනතාවට සහන සලසනවා – අගමැති මහින්ද රාජපක්ෂ

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා* පැවසීය.

ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා මෙසේ ද කීය.

මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් අපේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් පීඩාවට පත්වෙලා. පීඩාවට පත්ව සිටින ජනතාවට සහාය දැක්වීමට ආණ්ඩුව කටයුතු කරනවා. අයහපත් කාලගුණය නිසා අභාවයට පත්වූවන්ගේ පවුල්වලට මාගේ කනගාටුව ප‍්‍රකාශ කරනවා යැයි අගමැතිවරයා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment