රටේ ආර්ථිකය ගොඩනැංවීමට ප‍්‍රවාහන සේවාවෙන් නව ආදායම් උත්පාදනය කරනවා… ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි

142

කොවිඞ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු මේ රටේ ආර්ථිකය ගොඩනැංවීම ස`දහා ප‍්‍රවාහන සේවා තුළින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සැකසිය යුතු බව ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කළේ 2022 වසරේ ප‍්‍රවාහන අමාත්‍යාශය සදහා අයවැය තුළින් ප‍්‍රවාහන සංවර්ධන කටයුතු සදහා ප‍්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනය ප‍්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමග ප‍්‍රවාහන අමාත්‍යාංශයේදී ඊයේ (31දා* පැවති සාකච්ඡුාවකදීය.

ඒ් අනුව අමාත්‍යාංශය යටතේ පවතින ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික

ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ග ආරක්ෂාව පිළිබ`ද ජාතික සභාව යන ආයතනවල දැනට කෙරෙමින් පවතින සංවර්ධන කටයුතු සහ ඉදිරියට සිදු කිරීමට යෝජිත සංවර්ධන සැලසුම් ඉදිරිපත් කෙරිණ.

මේ යටතේ ආදායම් වැඩි වශයෙන් උත්පාදනය කළ හැකි දුම්රිය මාර්ග වන මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, මරදාන සිට රඹුක්කන දක්වා ප‍්‍රධාන දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, මරදාන සිට කළුතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, රාගම සිට මීගමුව දක්වා පුත්තලම් දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට 2022 අයවැය මගින් සැලසුම් කර ඇත.

මෙම සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීම ස`දහා රු. මිලියන 11865 වැය වන බවත් ඒම ප‍්‍රතිපාදන 2022 අයවැය ඇස්තමේන්තුවටද ඇතුළත් කර තිබේ.

ඊට අමතරව දුම්රිය ව්‍යාපෘතීන් ලෙස පවතින කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ඉදිකිරීම, මහව – ඔමන්ත දුම්රිය මාර්ගය සංවර්ධන ක‍්‍රියාවලිය කඩිනම් කිරීම – කොළඹ අවට තදාසන්න. පෙදෙස්වල දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධන කටයුතු ක‍්‍රියාවට නැංවීම ද මෙම යෝජිත වැඩසටහන්වලට අයත් වේ. එමෙන්ම දුම්රිය සදහා දීපව්‍යාප්ත ස්මාර්ට් ටිකටින් සහ ආසන වෙන් කිරීමේ ක‍්‍රමවේදය ඇති කිරීම - කඩවත ඇතුළු නගර කිහිපයක බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථාන බිහි කිරීම නගර සේවා බස් රථ සේවාව වැඩිදියුණු කිරීම පෞද්ගලික බස් සේවාව සදහා සහසර ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීම වැනි ව්‍යාපෘතීන් 2022 අයවැය තුළින් සිදුකිරීමට අපේක්ෂා කරන බව ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රකාශ කළාය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට සමුදීමේ උත්සවයක්ද පැවැත්වුණ අතර සමරු තිලිණ ලබාදීම ද සිදු කෙරණි. එම අවස්ථාවට ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතාද සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment