රටේ ආර්ථික අර්බුදය උත්සන්න වූ මොහොතක වගකීම් අතට ගැනීම බොහෝ දෙනා මගහැරියා

479

ඉදිරිපත්වීම අගය කරමින් තාවකාලික ආණ්ඩුවකට සහයදීම අපගේ යුතුකමක්

පාඨලී චම්පික රණවක අගමැතිට ලිපියකින් කියයි


රටේ ආර්ථික හා දේශපාලන අර්බුදයක් උත්සන්න වූ මොහොතක රටේ වගකීම දැරීම අතට ගත යුතු බොහෝ දෙනා විවිධ හේතු දක්වා මගහරිද්දී ඉදිරිපත්වීම අගය කරමින් සහ තාවකාලික අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් එවැන්නකට සහයෝගය ලබාදීම අපගේ යුතුකම බව දන්වමින් හතළිස් තුන්වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (16 වැනිදා) ලිපියක් යොමු කර ඇත.

එකී ලිපියේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්න පහක් හා යෝජනා හයක් ද යොමු කර ඇත.

පාඨලී චම්පික රණවක මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපියෙහි මෙසේද සඳහන් කර ඇත.

රටේ ආර්ථික හා දේශපාලන අර්බුදයක් උත්සන්න වූ මොහොතක රටේ වගකීම දැරීම අතට ගත යුතු බොහෝ දෙනා විවිධ හේතු දක්වමින් මගහරිද්දී ඒ වෙනුවෙන් ඔබගේ ඉදිරිපත්වීමද අපි අගය කර සිටිමු. එහෙයින් මේ අවස්ථාවේදී ඔබ වෙත වැඩිදෙනා එල්ල කරන සුලබ විවේචන වලින් මිදී මේ අවස්ථාවේදී ඔබ විසින් පැහැදිලි කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සහ මේ අවස්ථාවේ වැදගත් යැයි අප සිතන යෝජනා කිහිපයක් යොමු කරමි.

රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා උද්ගත වූ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වූයේ තරුණයන්ගේ අරගලයත් සමගමය. මේ අරගලය තුළ ඉස්මතු වූයේ ආර්ථික සටන්පාඨ වලටත් වඩා දේශපාලන සටන්පාඨ බව බැහැර කළ නොහැකි යථාර්ථයකි. රාජපක්ෂවරුන් බලය අත්හැරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, දූෂණයට මංකොල්ලයට වැට බැඳීම, ආචාරධාර්මිකව හැසිරෙන දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීම, ජාති ආගම් භේද වලින් තොර මානව

ගරුත්වය සුරැකෙන පුරවැසි ජන රජයක් ගොඩනැගීම ආදිය මේ සටන්පාඨවල සාරාංශය ලෙස දැක්විය හැකිය.

ඔබ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ එම දේශපාලන අරගලය තීව්‍ර වීමේ ක්‍රියාදාමයක ප්‍රතිපලයක් වශයෙනි. එහෙයින් “ගෝඨාගෝගම” අරගල බිමෙන් මතු වූ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරය පැහැදිලි, සංගත හා විනිවිද පෙනෙන්නක් ලෙස රට හමුවේ වහාම ඉදිරිපත් විය යුතුය යන්න අපගේ අදහසය. “ගෝඨාගෝගමට ආරක්ෂාව සපයන්නේය” යන සරල ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

ඔබ තුමන් විසින් නායකත්වය දෙන්නට සැරසෙන ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවට පත්වීමට නම් තරුණයින්ගේ අරගල බිමෙන් මතු වූ ඉහත දක්වන ලද දේශපාලන ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් ඔබ අදහස් කරන ක්‍රියාමාර්ග හා එහි මාර්ග සිතියම රට හමුවේ තැබීම අත්‍යවශ්‍යය. මෙහිදී පහත දැක්වෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබගෙන් අපි විවෘත පිළිතුරක් බලාපොරොත්තු වෙමු.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment