රටේ ආර්ථික ගැටලු ලිහන්න පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ඕනෑ – ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

410

රටේ ආර්ථික ගැටලුවලට පිළියම් යෙදීම සඳහා පුළුල් ප්‍රතිපත්ති මාලාවක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පවසයි.

මේ පුළුල් ප්‍රතිපත්ති මාලාවට ආර්ථිකයේ සෑම අංශයකම ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට මෙන්ම ආර්ථික ගැටලුවලට පිළියම් යෙදීම සඳහා සමස්ත ආර්ථිකයට බලපෑමක් ඇති කෙරෙන අනෙකුත් ක්‍රියාමාර්ග ද ඇතුළත් විය යුතු බවට ද මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අදහස වී ඇත.

බාහිර කම්පනවල දැඩි බව, ඉහළ යන උද්ධමන පීඩනය සහ දේශීය ආර්ථිකයේ අඛණ්ඩව ඇති වන අසමතුලිත තා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මේ බව පවසයි.

මේ අනුව දැනටමත් මහ බැංකුවේ පොලී අනුපාත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉහළ නංවා ඇති අතර ඉදිරියේ දී මුදල් ප්‍රතිපත්තිය තවත් දැඩි කරනු ඇතැයි ආපෙක්ෂා කෙරේ.

මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුව මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය අඩු කිරීම සහ එමගින් පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් අඩු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන බව ද මහ බැංකුව තවදුරටත් කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment