රටේ ජනතාව අරගලය කරපු දරුවෝ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

135

පාර්ලිමේන්තු විවාදය – ගම්පහ දිස්ත්‍රීක් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ) –

ජනාධිපතිතුමාගේ රාජාසන කතාව මගින් අපිට ඒ කාලයේ කියපු දේවල් ආයෙත් කිව්වා. සුරංගනා කතා ටික ආයෙත් කිව්වා. කිව්වේ නැත්තේ ත්‍රිකුණාමලය සුරපුරයක් කරනවා, මහනුවර නගරයේ මාර්ග තදබදය නැති කරන්න යටින් බිම් ගෙයක් හදනවා කියන එක විතරයි. එතුමාගේ කතාවේ දූෂණය ගැන කතා කරලා තිබෙන්නේ වචන පේළියයි. බිල්ලෝ මවන්න එපා කියලාත් තිබුණා. පැවති රජය වගේම මේ රජයේත් තවමත් මූල්‍ය වංචාවන් වෙනවා. ගෑස් නැතුව ජනතාව හිටියා. වැඩිපුර ගෙවලා ගෑස් ගෙනාවා. ඒකෙන් ගෑස්වලට වැඩිපුර කෝටි 136 ක් අහිමි වුණා. අවභාවිතයත් තවම නැතිවෙලා නෑ. තමන්ගේ හිතවතුන්ට ප්‍රබල තනතුරු දෙනවා අපි දකිනවා. මේවා ගැන ජනතාව අවධානයෙන් ඉන්න ඕනා. රනිල් වික්‍රමසිංහ මහතාගේ හෙංචයියෝ නම් මේ ටිකේ ආතල් එකේ ඉන්නවා. අරගලය කරපු දරුවන්ගෙන් පළි ගන්න එපා. මේ රටේ සියලු ජනතාව මේ දරුවන් වෙනුවෙන් පෙනී සිටින්න ඕනා. ඒ දරුවෝ නැඟීසිටියේ රට වෙනුවෙන්. මර්දනය හමුවේ අරගලය නැතිවුණා. අරගලය ඉවරයි කියල හිතලා ආතල් ගන්න යන්න එපා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment