රටේ තත්ත්වය ගැන ජනපති සාකච්ඡා

206

 වර්තමානයේ පවතින කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (16 දා) පැවැත්විණි.

 එහි පළමු සාකච්ඡාවට මුදල් ඇමැති අලි සබි්‍ර, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරු සහභාගි වූහ.

 ඛනිජ තෙල් සැපයුම සම්බන්ධ සාකච්ඡාවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වෘත්තීය සමිති සාමාජිකයන් සහභාගි වූහ. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමගද ඖෂධ සැපයුම සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment