රටේ තත්ත්වය හේතුවෙන් රග්බි පිටිය  යළි අකී‍්‍රය වෙයි?

170

මෙරට රග්බි පාපන්දු කෙළිබිමේ ප‍්‍රධානතම තරගාවලිය ලෙස සැළකෙන ලීග් ශූරතා තරග මාලාවේ නිමාව සඳහා තවත් තරග 04 ක් ඉතිරිව තිබියදී පෙරමුණේ පසු වන්නට මහනුවර ක‍්‍රීඩා සමාජය සහ කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සමත්ව සිටී.

 ඒ අනුව මෙවර තරගාවලියේ සමාප්තිය සටහන් කිරීම සඳහා මෙම දෙපිලට සහභාගි වීමට ඇති තරඟ සංඛ්‍යාව 02 කි. ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය තහවුරු කර ගෙන සිටින මහනුවර ක‍්‍රීඩා සමාජය සහ ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය අතර තරඟයට සුවිශේෂ ස්ථානයක් හිමි වී තිබේ.

 මේ වන විට සී. එච්. ක‍්‍රීඩා සමාජය තෙවන ස්ථානයේ ද පොලීසිය සිව්වන ස්ථානයේ ද රැඳී සිටී.

 මහනුවර ක‍්‍රීඩා සමාජයට එරෙහිව අගනුවර සී.එච්.ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩා සමාජය ද හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයට එරෙහිව පොලිසිය ද පසුගිය සති අන්තයේ අගනුවර දී තරඟ වැදීමට නියමිතව සිටි නමුත් රට තුළ ඇතිවූ නොසන්සුන් තත්ත්වය මත එම තරග කල් දමන්නට සංවිධායකයන් හට සිදුවිය.

 එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරි තරග 04 සංවිධානය කිරීම කල් යන තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනය තාවකාලිකව තහනම් කිරීමට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගත් තීරණයක් අනුවය. ඒ අනුව ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු ක‍්‍රීඩාව සම්බන්ධ නිසි බලධාරියා ලෙස ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ගැසට් නිවේදනයෙන් නම් කර තිබේ.

 ශ‍්‍රී ලංකා රග්බී පාපන්දු ආයතනය විසින් මෙතෙක් පවත්වාගෙන ආ ලීග් ශුරතා රග්බි පාපන්දු තරගාවලියේ කුසලාන අංශයේ ඉතිරි තරග සහ පළඟ අංශයේ ඉතිරි තරග පැවැත්වෙන දින හා ස්ථාන අද (07දා* ප‍්‍රකාශයට පත් කරන බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා අනාවරණය කළේය.

 රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සැළකිල්ලට ගනිමින් ඉදිරි තරග සැලසුම් කළ යුතු බව එයට හේතුව බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය. ඒ පිළිබඳව තීරණය කිරීමට මත්තෙන් ආරක්ෂක අමාත්‍යාංශය සමග අද (07දා* විශේෂ සාකච්ඡුාවක් සංවිධානය කර ඇති බව ද වැඩිදුරටත් අනාවරණය කළේය.

 මෙවර තරගාවලියේ පළ`ග අංශයේ තවත් තරග තුනක් ද ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. ගුවන් හමුදාව, නාවික හමුදාව, කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. සමාජය සහ යුද හමුදාව අතරේ මෙවර පළ`ග අංශයේ තරඟ ක‍්‍රියාත්මක කෙරේ.

 මේ අතරවාරයේ වාරණයට ලක්ව සිටින ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රිස්ලී ඉල්ලියාස් මහතා පවතින තත්ත්වය පිළිබඳ සැළකිල්ලෙන් යුතුව ක‍්‍රියා කරන ලෙස ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාට ලිපියක් මගින් දැනුවත් කර ඇති බවද දැන ගන්නට තිබේ.

 අනුරුද්ධ

advertistmentadvertistment
advertistmentadvertistment