රටේ නිපදවන ඔක්සිජන් සියල්ල කොවිඞ් රෝගීන්ට

416

මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන සියලූම ඔක්සිජන් තොග කොවිඞ් රෝගීන් වෙත ලබාදිය යුතු තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා* සවස අනාවරණය කළේය.

 රට තුළ නිෂ්පාදනය කෙරෙන ඔක්සිජන් ඉදිරියේදී ප‍්‍රමාණවත් නොවිය හැකි බැවින් ඉන්දියාවෙන් හා සිංගප්පූරුවෙන් ඔක්සිජන් තොග ගෙන්වීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙන බව ද මෙතෙම පැවසීය. ඒ අනුව ඉදිරි සති දෙක තුළදී කොවිඞ් රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යනු ඇතැයි ද කී ඒ මහතා මෙරට තුළ කොවිඞ් ඩෙල්ටා ව්‍යාප්තිය ඉතා සීග‍්‍රයෙන් සිදුවන බව ද කීය. එම ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥ වෛiවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන අතර ඔවුන්ගේ අදහස්වලට ක්‍ෂණික ප‍්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment