රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට 19 බලාත්මක කරන්න – එජාප නායක රනිල් වික‍්‍රමසිංහ

194

රටේ පවතින ප‍්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කළයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

විශේෂයෙන් ආර්ථික ප‍්‍රශ්න වලට විසදුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවට බලය ලැබිය යුතු බවත්, එම බලය ලබාගැනීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළයුතු යැයිද වික‍්‍රමසිංහ මහතා සූම් තාක්‍ෂණය ඔස්සේ අදහස් දක්වමින් පැවැසීය.

වැඩිදුරටත් වික‍්‍රමසිංහම මහතා මෙසේද පැවැසීය.

ආණ්ඩුවේ ඇමැතිවරුන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා තමාට දේශපාලන පළපුරුද්ද සීමාසහිත බව ප‍්‍රකාශ කර තිබෙනවා. එහිදී අගමැතිවරයා පෙරට පැමිණ සාමූහිකව වැඩකළ යුතු බවටත් ප‍්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනය අසාර්ථකයි කියා පිළිගැනීම අගය කළ යුතුයි.

20 වැනි සංශෝධනයත් සමග කොවිඞ් වලට වෙනම ආණ්ඩුවක්, හාල් මිලට වෙනම ආණ්ඩුවක්, ගෙදර ආර්ථිකයකට වෙනම ආණ්ඩුවක් පවතිනවා. ගෙදර ආර්ථිකය කඩා වැටිලා. මේ තත්ත්වය ඇතිවුණේ පාර්ලිමේන්තු බලය බිඳුණු නිසයි. අපි නැවත පාර්ලිමේන්තු බලය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා පක්‍ෂ විපක්‍ෂ සියලූදෙනා එක්ව සාකච්ඡුා කර තීරණ ගනු ලැබුවහොත් රටේ ප‍්‍රශ්න විසඳගන්න පුළුවන්.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment