ගුවන් යානාවලට තෙල් සැපයීම සමාගම්වලට දීමෙන්
සංස්ථාවට ඩොලර් මිලියන 4ක වෙළෙඳාමක් නැතිවෙනවා
අද වික්‍රමසිංහ ආණ්ඩුව අපේ රටේ තිබෙන තෙල් ගෙන්වීම, බෙදාහැරීම හා අලෙවි කිරීමේ ඒකාධිකාරිය තවත් ජාත්‍යන්තර සමාගම් කිහිපයකට ලබාදීලා රටේ බලශක්ති සුරක්ෂිතතාව වනසන්න හදනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහාත පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (30වැනිදා) ජාතකි නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා,
ඒ විතරක් නෙවෙයි, මේ තෙල් අර්බුදය පැන නැගුනේ විදේශ විනිමය අර්බුදය නිසා. ඩොලර් නැතිකම නිසා. තමුන්නාන්සේලා දන්නවා දැන් ඩොලර් ටිකක් එන ව්‍යාපාරයක් තමයි ගුවන්යානාවලට තෙල් සැපයීම. ගුවන් යානා තෙල් ජෙට් වන් ඒ කියන ගුවන් යානා තෙල් වර්ගය සැපයීම දැනට කරන්නේ ඛනිජ තෙල් නීනිගත සංස්ථාවෙන්. දැන් කාංචන විජේසේකර ඇමැතිවරයත් ඒ වගේම වරාය නාවුක කටයුතු සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාත් එකතුවෙලා ඒකාබද්ධ කැබිනට් යෝජනාවක් ගේනවා මේ ගුවන් යානාවලට තෙල් සැපයීමත් වෙනත් සමාගම් සඳහා ලබාදෙන්න. දැන් දවසකට සාමාන්‍යයෙන් ඩොලර් 1,30,000ක පමණ වෙළෙඳාමක් මෙයින් කරන බව තමයි අනාවරණය වෙන්නේ. ඒ කියන්නේ මාසයකට ගත්තොත් ඩොලර් මිලියන 3ක 4ක වෙළෙඳාමක් සංස්ථාවට නැතිවෙනවා.
මේ ආර්ථික ආපදාව උත්සන්න කරලා අපේ රට ගොදුරු කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න බලවේගවලට අපේ රට ගොදුරු කරන්න තමයි මේ ආර්ථික ඝාතක රැල සූදානම් වෙන්නේ. බැසිල් රාජපක්ෂ, පීබී ජයසුන්දරලා, ආටිගලලා ඇතුළු ආර්ථිත ඝාතක රැල සූදානම් වෙන්නේ මේ අර්බුදය, අර්බුද සුළියක් බවට ආධිරාජ්‍යවාදී බලවේගවලට ගොදුරු කරන්න.
ප්‍රභාත් විතාන