රටේ මෙච්චර ආර්ථික ප‍්‍රශ්න තියෙද්දී මුදල් ඇමැති නත්තල සමරන්න ඇමරිකා ගිහින්: ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

390

රට ආර්ථිකයෙන් ගිනිගන්නා අවස්ථාවක ඒ කිසිදෙයක් තුට්ටුවට මායිම් නොකර ශ‍්‍රී ලංකාවේ මුදල් ඇමැති නත්තල සැමරීමට ඇමරිකාවට ගොස් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා පැවැසීය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ඉකුත් 15දා ‘ගමෙන් පටන්ගමු’ යන තේමාව යටතේ තඹුත්තේගම වෙහෙරගල විහාරස්ථානයේදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය

මේ වෙලාවේ අපේ රටේ ඩොලර් ගැටලූවක් සමග රට ලොකු ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක්. වරායේ හිරවෙලා තියෙන කන්ටේනර් ටික නිදහස් කරගන්න අවශ්‍ය ඩොලර් දෙන්නෙ නැතිව ගෑස් හැමතැනම පිපිරුවත් එම ගෑස් සමාගම අයිති මුදල් අමාත්‍යාංශයට එය විසඳීමට නිසි නියෝග දෙන්නේ නැතිව, යුගදනවි බලාගාරයේ ගිවිසුම අපේ රටට ගිනිගොඩක් වී තිබෙන මොහොතක, අපේ රටේ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා මේ කිසිවකට නිසි පිළිතුරු දෙන්නේ නැතිව පෞද්ගලික කාරණා වෙනුවෙන් ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුපක්‍ෂයේ සිටින රටේ ආර්ථිකයට වගකිවයුතු ඇමැතිවරු බොහොමයක් වෙනත් රටවල්වලට ගිහිල්ල ඉන්නවා නිවාඩු ගත කරන්න.

යුගදනවි බලාගාරය කියන්නේ අපේ රටට ඉතාම වැදගත් බලාගාරයක්. එය මේ වනවිට අපේ රටේ ජීවත්වන ඇමරිකානු පුරවැසි මුදල් ඇමැති අත්සන් කරලා ඇමරිකාවට ලබාදීලා තියෙනවා. මේ යුගදනවි බලාගාරය කියන්නේ අපේ රටේ ආර්ථිකයට දැඩි ශක්තියක් දියහැකි බලාගාරයක්.

ඒ නිසාම අපි මේ ගිවිසුම ගැන කරුණු ගණනාවක් විටින් විට ඉදිරිපත් කරලා තියෙනවා. රජය මේ හොර රහසේ ගහපු ගිවිසුම පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරනකම් කිසිදු පාලකයෙක් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒ වගේම පසුගියදා ඒ ගිවිසුම මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකම්ම ඒ ගිවිසුම රටට වගේම පාර්ලිමේන්තුවටත් රහසක් වෙලයි තිබුණේ.

මේ ගිවිසුමේ රහස්‍ය භාවය කොතෙක්ද කිව්වොත් ඇතැම් කැබිනට් ඇමැතිවරුන් මේ ගිවිසුම දැකල තිබිලවත් නෑ.

මකුලෑව – එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment