රටේ වාසනාවට රනිල් ජනාධිපති වුණා!

171
  • වරාය හා නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී :

පළමුව රට දෙවනුව පක්‍ෂය හා දේශපාලනය යන්න හදවතේ රඳවාගත යුතුයි. අපි හැමෝම එලෙස ක්‍රියා කළ යුතුයි. මූල්‍ය අරමුදල් කොන්දේසි ගැන ස්වයංව සිතා අපේ වගකීම් ඉටුකළ යුතුයි. මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන ස්වයංව සිතා අපේ වගකීම් ඉටුකළ යුතුයි. මිනිස්සු හාමතෙන් මැරුණත් කමක් නැහැ කියලා දේශපාලනය කරලා වැඩක් නෑ. එහෙම කරන අයත් සිටිනවා.

නියම වෙලාවට අයිඑම්එෆ් ගියානම් පෝලිම් ඇති වන්නේ නෑ. එහෙම නොකළ නිසයි රටේ අරගල ඇති වී හිටපු ජනපතිටත් යන්න වුණේ. මම විපක්‍ෂ නායක කාර්යාලයට ගිහින් පැය 3ක් කතා කරලා අගමැතිකම ගන්න කිව්වා. ගත්තානම් අද ජනපති. අවාසනාව එයයි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා රටේ වාසනාවට ජනාධිපති වුණා. ජනප්‍රිය නොවන තීන්දු ගත්තා. අපි ඒවාට සහය දුන්නා. එතුමා ගත් ගමන් මග හරි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment