රටේ සම්පත් කුණු කොල්ලයට අලෙවි කිරීම සජබ රජයකින් අවලංගු කරනවා

13

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි රණවිරු බලවේගයේ රත්නපුර සභා රැස්වීමේදී කියයි

රටේ දේපල රටේ සම්පත් කුණු කොල්ලයට තරගකාරී ක්‍රමයක් නොමැතිව අලෙවි කරන බවත් බියර් පර්මිට් බාර් පර්මිට් ලබාදෙන බවත් මෙවර ජනාධිපතිවරණ ජයෙන් පසුව සමගි ජන බලවේගය මේ සියලු‍ අනීතික ක්‍රියා අවලංගු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය 28දා රත්නපුරයේ පැවැති සමගි රණවිරු බලවේගයේ 7 වැනි දිස්ත්‍රික් සභා රැස්වීම අමතමිනි.

රටේ සම්පත් කුණු කොල්ලයට අලෙවි කිරීම සජබ රජයකින් අවලංගු කරනවා

හොරා කෑවේ කවුද කියා දැනගත යුතු බවත් ලැජ්ජා නැතිව ගජමිතුරු ගිවිසුමකට එළැඹුණු අය කවුද කියා දැනගැනීමට අවශ්‍ය බවත් මෑත කාලයේ විවිධ වරදාන වරප්‍රසාද ලබාදෙන බවත් රටේ දේපල රටේ සම්පත් කුණු කොල්ලයට තරගකාරී ක්‍රමයක් නොමැතිව අලෙවි කරන බවත් බියර් පර්මිට් බාර් පර්මිට් ලබාදෙන බවත් මෙවර ජනාධිපතිවරණ ජයෙන් පසුව සමගි ජන බලවේගය මේ සියලු‍ අනීතික ක්‍රියා අවලංගු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ඇති බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව වන්නේ රටේ සම්පත් හා දේපල මහදවල් අමු අමුවේ කොල්ලකාපු කණ්ඩායම් රාජ්‍ය රැකවරණය තුළින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන මොහොතක ලක්ෂ 220ක් ජනතාව කරපිට අසීමිත බදු බර පැටවීම නිසා බවත් රටේ ලක්ෂ 220 වෙනුවෙන් කිසිදු ප්‍රායෝගික තිරසර විසඳුමක් රජයට නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණවිරුවන්ගේ මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් මංකොල්ලකාරයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරාගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්වය ලබාදෙන්න පෙරට එන ලෙසත් මේ අය කළ දූෂණ වංචාවලට අධිකරණය හමුවේ පිළිතුරු ලබා දිය යුතු බවත් රටට අහිමි වූ සම්පත් දේපල නැවත වරක් රටට ලබාගැනීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොරු අල්ලනවා කියා පැමිණි කණ්ඩායම් හා හොරු අල්ලන දූෂිත කමිටුවේ සභාපතිවරයා එදා හොරු අල්ලන්නේ නැතිව දැන් රට වටේ හොරු අල්ලනවා කියමින් යන බවත් ඔවුන් හොරුත් එක්ක ඩීල් දමමින් යන බවත් මේ හොරුත් එක්ක ඩීල් දාන අය සමගි ජන බලවේගය වගකීම් බාර නොගත් බවට චෝදනා කරන බවත් සමගි ජන බලවේගය රටේ වගකීම බාර ගන්නේ හොරුන්ගේ කරපිටින් නොව ජනතාවගේ ජන වරමින් බවත් හොරුන්ගේ කරපිටින් රජමාළිගාවලට ගිය අයත් හොරකම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරණය ජයගෙන පැය 48ක් තුළ රණවිරුවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර රණවිරුවන් මුහුණ දෙන ගැටලු‍වලට මාස 3ත් 6ත් අතර කාල සීමාව තුළ තිරසර විසඳුම් ලබාදීමේ කඩිනම් වැඩසටහනකට යොමු වන බවත් රටේභෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව,ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය සුරකින්නට කටයුතු කළ රණවිරුවන්ට උද්ඝෝෂණය කිරීම අවශ්‍ය නොවන බවත් ඔවුන්ට ගැටලු‍වක් ඇත්නම් සෘජුවම ජනාධිපති කාර්යාලයට පැමිණ රටේ සේනාධිනායකයාට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණවිරුන් ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුපට පමණක් සීමා නොවී ව්‍යවසායකයකු ලෙස ජන සමාජයේ ඉහළ ආදායම් ලබන පුරවැසියකු ලෙස ප්‍රතිනිර්මාණය කරන බවත් දිස්ත්‍රික් මට්ටමින් රණවිරු සහන අරමුදලක් ගොඩනගා එහි පොලි ආදායමෙන් රණවිරු ප්‍රජාවට සහන ලබා දෙන නව වැඩසටහනකට මුල පුරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment