රටේ සම්පත් රකින්න ඇමැති තනතුරු කැපකරන්න සූදානම්!

146

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ එකොළහේ මහජන මන්ත‍්‍රණ සභාවේදී ඇමැති ගම්මන්පිල කියයි

රටේ ජාතික සම්පත් සුරැකීම වෙනුවෙන් ඇමැතිධුර පමණක් නොව ඕනෑම කැප කිරීමකට සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමැති උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා ඊයේ (29 වැනිදා) පැවසීය.

 ඇමැතිකම් දරා සිටිමින් ආණ්ඩුව කරන සෑම කටයුත්තකටම ‘යහපති යහපති’ කියා සිටීමට නොහැකි බවත් හෙතෙම කීවේය.

 තනතුරු, තාන්න මාන්න ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව කරන වැරදි කල්ක‍්‍රියාවන් අනුමත කළහොත් අනාගත පරපුර එසේ කළ උන්ට සාප කරනු ඇති බවත් කී උදය ගම්මන්පිල මහතා එසේ සාප ලැබීමට තමන් සූදානම් නැති බවත් සඳහන් කළේය.

 මව්බිම සුරකින අරගලයට රටට ආදරය කරන සැමටම එක් වන ලෙස ආරාධනා කරන බව ද බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කීවේය.

 ගම්මන්පිල මහතා ඊයේ (29 වැනිදා) එම අදහස් පළ කළේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක සහභාගිත්වයෙන් ගොඩනඟා ඇති මහජන මන්ත‍්‍රණ සභාවේ පළමු සැසිය කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති අවස්ථාවේදී ය.

 සිරිමන්ත රත්නසේකර, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment