රටේ සෑම දරුවකුම ලක්ෂ 12ක ණයකාරයෙක් කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බියගමදී කියයි

46

රටේ සෑම දරුවෙකුම ලක්ෂ 12ක ඒකපුද්ගල ණය බරතාවකින් පෙළෙන බවත් රට පාලනය කරන වැඩිහිටියෝ දරුවන්ගේ එම කරුණ සගවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක මේ බව කියාසිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 92 වැනි අදියර යටතේ පෙරේදා (12) දින බියගම ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේග රජය තුළ අධ්‍යාපන සඳහා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බවත් ළඟම පාසල හොඳම පාසල, නවෝද්‍යා පාසල්, ඉසුරු පාසල් යනුවෙන් විවිධ නම් විවිධ කාලවල මාරු වන බවත් මේ ආකාරයෙන් ප්‍රතිපත්ති වෙනස් විය නොහැකි බවත් විපක්ෂ නායක පැවසීය.

රටේ සෑම දරුවකුම ලක්ෂ 12ක ණයකාරයෙක් කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බියගමදී කියයි

05 ශිෂ්‍යත්ව විභාගය යුගයට ඔබින විභාගයන්ද, සාමාන්‍යපෙළ සහ උසස් පෙළ විභාගයේ විෂය මාලා ඊට අනුකූලද ආදිය සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවත් මේ වන විට 40000ක ගුරු හිඟයක් පවතින බවත් ඒ සඳහා රජයට තවම විසඳුම් නොමැති බවත් වසර ගණනාවක් පුරා සංවර්ධන නිලධාරීන් මේ හිඟය පුරවා දූදරුවන්ට අධ්‍යාපන කටයුතු කර ගෙනයාමට දුන් ශක්තිය අමතක කළ නොහැකි බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කොටස් 7ම බරපතල කළකිරීම් ඇති නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදිය නොහැකි බවත් හෙතෙම කීය.

මේ වන විට රටට අවශ්‍ය වී ඇත්තේ ගිනිතියන, විනාශ කරන, කුඩුපට්ටම් කරන, ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කරන රජයක් නොව දරුවන්ට ශීලාචාර, ශිෂ්ඨසම්පන්න ජන සමාජයක් නිර්මාණය කර ඒ තුළ ශිෂ්ඨ සම්පන්න ප්‍රබුද්ධ ප්‍රශස්ත පුරවැසියන් ලෙස කාටවත් අත නොපා ජීවත් වීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් නායකයෝ පාලකයෝ පුරවැසියෝ අත්වැල් බැඳගෙන වැඩ කරන රටක් බිහි කිරීමට කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායක පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment