රටේ 10% කට වකුගඩු ලෙඩ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩාව

171

ලෝක වකුගඩු දිනය – අද

සමස්ත ජනගහනයෙන් දැනට වකුගඩු රෝගීන් සියයට 10 ක් පමණ වාර්තා වන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩාව මහතා ‘දිවයින’ට පැවසීය.

ඉන් වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, ඊට මූලිකම හේතුව දියවැඩියාව සහ අධික රුධිර පීඩනය බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන්පසු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ උතුරුමැද, වයඹ, ඌව යන පළාත්වලින් බව ද ඔහු සඳහන් කළේය.

එම පළාත්වල මෙම වකුගඩු රෝගයට මූලිකවම බලපා ඇත්තේ ‘කෘෂිකාර්මික වකුගඩු රෝගය’ බව ද හෙතෙම කියා සිටියේය. මේ අතර අද (09 දා) ට යෙදී ඇති ලෝක වකුගඩු දිනයට සමගාමීව සැමරුම් උළෙලක් අද (09 දා) පස්වරු 2.00 ට කොළඹ නවලෝක රෝහල් පරිශ්‍රයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ. මෙම අවස්ථාවට ප්‍රධාන අනුශාසක ලෙස විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩාව මහතා සහභාගි වෙයි.

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලෝක වකුගඩු දින සැමරුම් උළෙල, සම්මානනීය ප්‍රවීණ රංගනවේදීන් වන ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ සහ ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා නවලෝක රෝහල් සමූහයේ අධිපති ජයන්ත ධර්මදාස මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මෙම උත්සවයේ සමරු දේශනය කොළඹ ජාතික රෝහලේ 41 වාට්ටුවේ විශ්වවිද්‍යාල වෛද්‍ය ඒකකයේ වකුගඩු විශේෂඥ වෛද්‍ය දිලුෂි විජේරත්න වෛiවරිය විසින් පවත්වනු ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment