රටේ 3% ක් තැලසීමියා වාහකයන් -:සෑම වසරකම තැලසීමියා ළමුන් 2000 ක්

145

මහාචාර්ය සචින් මෙත්තානන්ද

ශ්‍රී ලංකාවේ ළමයින් 2000 ක් පමණ වාර්ෂිකව තැලසීමියාව සහිත දරුවන් ලෙස හඳුනා ගන්නා බව කැලණිය විශ්වවිiාලයේ වෛi පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය සචින් මෙත්තානන්ද මහතා පවසයි.

කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (10 දා) පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු සඳහන් කළ මහාචාර්ය මෙත්තානන්ද මහතා මෙසේ ද කීවේය.

තැලිසීමියාව බහුල රටවල් අතර ශ්‍රී ලංකාවද ඉදිරියෙන්ම සිටිනවා. මෙම රෝගය බහුල ලොව අනෙකුත් රටවල් එම රටවල ජනතාව අතර තැලසීමියාව වළක්වා ගැනීමට සමත් වී තිබෙනවා. නමුත් ලංකාවේ එවැනි කිසිදු සාධනීය තත්ත්වයක් ඇතිකර ගැනීමට සමත් වී නැහැ.

සෑම අයකුටම විවාහයට පෙර තමන් තැලසීමියා වාහකයෙක්ද යන්න ඉතා පහසු රුධිර පරීක්‍ෂණයකින් දැනගත හැකියි. නමුත් බොහෝ දෙනකු නොදැනුවත්කම නිසා ඒ සඳහා පෙළඹෙන්නේ නැහැ. ඒ අනුව මේ වනවිට මෙරට ජනගහනයෙන් 03% ක් තැලසීමියා වාහකයින් බව අනාවරණය වී තිබෙනවා. මෙම රෝගය සම්බන්ධයෙන් තිබෙන මිථ්‍යා මත නිසා විවාහයකදී තමන් තැලසීමියා වාහකයෙකු බව සැඟවීමට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. තැලසීමියා වාහකයින් අතර සිදුවන විවාහයකදී වහා තැලසීමියාව එනම් රෝග ලක්‍ෂණ සහිත දරුවන් බිහිවිය හැකියි.

මේ රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගකිවයුතු සියලු දෙනා මෙන්ම මහජනතාවත් දක්වන අධික උදාසීන බවත් තැලසීමියාව වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙනවා යැයිද මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment