රට අගාධයට දැමූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

206

රට වර්තමාන අගාධයට ඇද දැමීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ද වගකිව යුතු බැවින් මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් අලූතින් පත්කරන තුරු මෙම විශ්වාසය යළි ගොඩනැගිය නොහැකි බව ද මුදල් මණ්ඩලය

පසුගිය කාලයේ ගත් සියලූ තීරණ වැරදි බව ද ඔහු සඳහන් කළේය.

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියලූ පාර්ශ්වයන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලූ වැටී තිබෙන බවත්, මේ ආකාරයෙන් ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

කොළඹ ඊයේ (30දා) දවල් මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ රට වර්තමාන අගාධයට ඇද දැමීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයද වගකිව යුතු බැවින් මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් අලූතින් පත්කරන තුරු මෙම විශ්වාසය යළි ගොඩනැගිය නොහැකි බවයි.

‘මුදල් මණ්ඩලය පසුගිය කාලයේ ගත් සියලූ තීරණ වැරදියි. මේ විනාශයට ඔවුන්ද වගකිව යුතුයි. විශ්වාසය බිඳවැටුණු විට වෙළෙඳපොළවල් හිරවෙනවා. නවතිනවා. මූල්‍ය වෙළෙඳපොළේ විශ්වාසය නැතිව කිසිම දෙයක් වෙන්නෙ නෑ. මේ නිසා මේ ආණ්ඩුවට තවදුරටත් මේ ආර්ථිකය ගෙනියන්න බෑ. මේක විශ්වාසයේ අර්බුදයක්.

මේසා විනාශයක් වී තිබියදීත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ සැබෑ වුවමනාවක් නොපෙනෙන බවත් එවැනි වුවමනාවක් තිබේ නම් ඒ වෙනුවෙන් සකස් කළ ලිපිය පෙන්වන ලෙසත් මන්ත‍්‍රීවරයා අභියෝග කළේය.

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වහාම සකස් කරන ලෙසත් එයින් ගසා නොකන ලෙසත් පැවසූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රතිපත්ති පොලී අනුපාත වැඩි නොකර මෙම ගැටලූවලට පිළිතුරු සෙවිය නොහැකි බවත් කිසිවකුත් සෘණ පොලියක් ලබාගැනීමට කැමති නොවන බවත් කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment