රට අගුළු නොදා සෞඛ්‍ය නීති දැඩි කරයි

731

රට පුරා ශීඝ‍්‍ර ලෙස කොවිඞ් රෝගය පැතිරයෑම සහ දිනපතා හමුවන නව ආසාදිතයින් ගණන දෙදහස ඉක්මවීම සැලකිල්ලට ගෙන පවතින සෞඛ්‍ය

 මාර්ගෝපදේශ මාලාවට නව සංශෝධන කිහිපයක් එක් කළ බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

 ඒ අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම යළි සීමාවේ. මංගල සහ අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස අඩු කර ඇත. සියලූ රාජ්‍ය උත්සව ලබන සැප්තැම්බර් පළමු වැනිදා දක්වා කල් දමා තිබේ.

 ඒ අනුව උපරිම ධාරිතාව පුද්ගලයන් පන්සියයට වැඩි උත්සව ශාලාවන්හිදී පවත්වනු ලබන මංගල උත්සව ස`දහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 150 දෙනෙකි.

 උපරිම ධාරිතාව 500 ට අඩු ශාලාවන්හිදී පැවත්වෙන මංගල උත්සව ස`දහා සහභාගි විය හැකි අමුත්තන් ගණන 100 කට සීමා කර ඇත.

 රාජ්‍ය සේවකයන් සේවයට කැ`දවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම ආයතන ප‍්‍රධානීන්ට ලබා දී ඇත.

 අවමඟුල් නිවසකට එකවර සහභාගි විය හැකි උපරිම පිරිස පුද්ගලයන් 25දෙනකුට සීමා කර තිබේ.

 මෙම සියලූ අවස්ථාවන්හිදී මෙන්ම නිවසින් පිටතට පැමිණීමේදී මුව ආවරණ පැළ`දීම අනිවාර්යයෙන් සිදු කරන ලෙස ද පවතින වසංගත තත්ත්වය හමුවේ නැවත රට වසා දැමීමක් සිදු කළහොත් බරපතළ ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.


සමන් ගමගේ සහ ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment