රට අද සහ හෙට සජබයෙන් රට වටේ දේශන

116

‘රට අද සහ හෙට’ යන මැයෙන් දිවයින පුරා ආර්ථික විශ්ලේෂණාත්මක සම්මන්ත‍්‍රණ මාලාවක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, සහ ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සම්මන්ත‍්‍රණ මාලාව පැවැත්වීමට නියමිතය.

මෙම මස අවසන් සතියේ සිට මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආරම්භ කෙරෙයි. එහි පළමුවැන්න මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතාගේ සංවිධානයෙන් කුලියාපිටියේදී ආරම්භ වන බව එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ සඳහා මධ්‍යස්ථ මතධාරීන්, ව්‍යාපාරිකයින්, ආර්ථික විශේෂඥයන් ද සහභාගි කර ගැනීමට නියමිත බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment