රට අරාජික කර මිලිටරීකරණය ශක්තිමත් කරන්න හදන්නේ රනිල්! – දුමින්ද නාගමුව

170

අරගලයට වුවමනා දේශපාලන ස්ථාවරභාවයයි

අරගලයේ නිරත පිරිස්වලට අවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයින’ට (14 දා) පැවසීය. අරාජිකත්වය තව තවත් නිර්මාණය කර මිලිටරීකරණය ශක්තිමත් කිරීමට උත්සාහ කරන්නේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැයි ද හෙතෙම සඳහන් කළේය.

අරගලකරුවන් රට අරාජික කරනවා යැයි විවිධ පාර්ශ්ව කරන චෝදනාව වැරදි යැයි ද ඔහු කීවේය. දිගින් දිගටම ගොඩනැගිලි අත්පත් කර ගැනීම නිශ්ඵල ක්‍රියාවක් බවත් එවැනි වුවමනාවක් අරගලකරුවන්ට ද නැති බවත් නාගමුව මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් අල්ලා ගන්නා ලද්දේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කිරීමට මිස වෙනත් අරමුණකින් නොවේ යැයිද හෙතෙම සඳහන් කළේය. නාගමුව මහතා මෙසේද කීවේය.

සමහරු කියනවා අරගලකරුවන් රට අරාජික කරනවා කියලා. ඒ චෝදනාව වැරදියි. පොහොර ප්‍රශ්නය ඇති කළේ, හාල් ප්‍රශ්නය ඇති කළේ, ඉන්ධන පෝලිම් ඇතිකළේ, ගෑස් පෝලිම් ඇතිකළේ, පාසල් වැහුවේ පාලකයන්. රටේ අරාජිකත්වය නිර්මාණය වුණේ ඒ හරහායි. අරගලකරුවන් එළියට බැස්සේ මේ දේශපාලන අරාජිකත්වය අවසන් කරන්න කියලායි. ජනාධිපතිවරයා ඉවත්වෙනවා කිව්වහම ඒ ප්‍රශ්නය විසඳන්න පාර්ලිමේන්තුව විසිවැනිදා වෙනකම් කල් ගන්නවා. මෙහෙම කල් මරන්නේ අරාජිකත්වය පතන අයයි. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට අපි කියනවා කරුණාකරලා මේ ගැටලුව විසඳන්න කියලා.

පාර්ලිමේන්තුව වටලනවා වගේ කටයුතුවලට අපි විරුද්ධයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment