රට ඇරියත් නුවරඑළියේ නගරවල හිස් බවක්

125

දින 42 ක් තිස්සේ පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතී.

වෙළෙඳ සල් නිරෝධායන උපදෙස් වලට අනුකූලව ව්‍යාපාර කටයුතු සිදු කිරීමට හැටන්” බගවන්තලාව යන නගර ඇතුළු නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සියලූම නගර වල ව්‍යාපාරිකයන් කටයුතු කර ඇත.

මධ්‍යම පළාත තුළ පමණක් ධාවනය කිරීමට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති අතර” එම බස් රථ වලද නිරෝධායන උපදෙස් වලට අනුකූලව මගීන් ප‍්‍රවාහන කිරීමට බස් රථ හිමියන් කටයුතු කර ඇත. ඊයේ (1 වැනිදා* රට විවෘත කළද විශාල පාරිභෝගිකයන් පිරිසක් නගරය වලට පිවිසෙන අයුරු දක්නට නොවීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment