රට ඇරුණු දවසේ ලංගමට ලක්‍ෂ 86 ක ආදායමක්

329

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 රට විවෘත කිරීමත් සමග පෙරේදා (21 දා* දිනයේ ලංගම බස් රථ 1684 ක් ධාවනය වූ බවත්, එමඟින් රුපියල් ලක්‍ෂ 86 ක ආදායමක් උපයාගෙන ඇති බවත් ශී‍්‍ර ලංකා
 
 ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘දිවයින’ට පැවැසීය.
 
 

රට ඇරුණු දවසේ ලංගමට ලක්‍ෂ 86 ක ආදායමක්

මෙම බස් රථ ඒ ඒ දිස්ති‍්‍රක්ක තුළ පමණක් ධාවනය වූ බවද සියලූම ලංගම බස් රථ ආසන ගණනට පමණක් මගින් රැගෙන ගිය බවද හෙතෙම සඳහන් කළේය.
 
 මේ අතර ඊයේ (22 දා* දිනයේදී ලංගම බස් රථ 2075 ක් ධාවනයට එක්කර තිබූ බවද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment