රට ඉදිරියට ගෙන යාහැකි එකම නායකයා රනිල් යැයි ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියෝ පවසති

21

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයාජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහාසංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්මමහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිඅග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන්වහන්සේ පැවසූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ කොට්ටාවල රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත පැමිණ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කරමින් මේ බව සඳහන් කළහ.
රට ව්‍යසනයකට ඇද වැටී තිබු අවස්ථාවේ ජනාධිපති ධූරය භාරගන්නා ලෙස පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ කළ ආරාධනය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට එදා තමා අධිෂ්ඨාන කරගත් බවත් රට වෙනුවෙන් ඉදිරිපත් වීමට කැමත්ත පළ කළ සියලුදෙනාගේම සහාය ලබාගනිමින් ඉතා කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමන්ට හැකිවූ බවත් සඳහන් කළේය. මෙය මෙවැනි අර්බුදයකට
මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ලැබු සුවිශේෂී ජයග්‍රණයක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment