රට ඉඳන් ආපු අයගේ බඩු ඩොලරය නිසා හිරවෙති

509

විදේශගතව සිට යළි දිවයිනට පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ රැසක් භාණ්ඩ ප‍්‍රවාහන නැව් සමාගම් ඔස්සේ ඔවුන් මෙරටට එවනු ලැබූ තම පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් භාණ්ඩ රට තුළ පවතින ඩොලර් අර්බුදය නිසා මුදාගැනීමට නොහැකි ගැටලූවකට ලක්ව සිටිති.

මැදපෙරදිග සහ යුරෝපා රටවල සේවය කරන සහ වසර අවසානයේදී ලැබෙන නිවාඩුවෙන් තම මව් රටට පැමිණෙන යුරෝපා රටවල පදිංචි ශ‍්‍රී ලාංකිකයන් මෙලෙස මෙම ගැටලූවට මුහුණ දී සිටියි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ භාණ්ඩ ප‍්‍රවාහන නැව් සමාගම් මගින් මෙම භාණ්ඩ ශ‍්‍රී ලංකාවට එවා ඇත්තේ ගුවන් මගින් ඔවුන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට මාසයකට පමණ පෙර ය.

රට තුළ පවතින ඩොලර් අර්බුදය නිසා තම භාණ්ඩ සහිත බහාලූම් ද කොළඹ වරායේ මුදාගැනීමට නොහැකිව ඇති බහාලූම් අතර ඇතැයි ඔවුහු පවසති.

මේ සම්බන්ධව භාණ්ඩ ප‍්‍රවාහන නැව් සමාගම් පවසන්නේ අදාළ බහාලූම් වරායෙන් මුදාගැනීමට අවශ්‍ය නැව් ගාස්තු ගෙවීම සඳහා මෙරට බැංකු මගින් ඩොලර් ලබා නොදෙන බවය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment