රට ඉඳන් එන අයට කොවිඩ් නීති අඩුවෙයි

89

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් ඊයේ (07 දා) සිට ලිහිල් කර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයකු නොවන බවට ඉදිරිපත් කිරීම සඳහා වන පීසීආර් පරීක්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය අහෝසි කර ඇත. එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අනිවාර්ය නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment